Category: International News

  • ලොව ධනවත්ම පුද්ගලයා වෙනස් වේ

    ලොව ධනවත්ම පුද්ගලයා වෙනස් වේ

    ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව තිබෙනවා. මේ දක්වා ලොව ධනවත්ම පුද්ගලයා වූ ඊලෝන් මස්ක් ඒ අනුව දෙවන ස්ථානයට පත් ව තිබෙනවා. මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් වන අතර ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බව වාර්තා වනවා.

  • රුසියානු විපක්ෂ නායකගේ මරණය පිළිබඳව ඇමරිකාව චෝදනා කරයි

    රුසියානු විපක්ෂ නායකගේ මරණය පිළිබඳව ඇමරිකාව චෝදනා කරයි

    බන්ධනාගාරගත ව සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි හදිසියේ මරණයට පත් වීම සම්බන්ධයෙන් ජනාධිපති පුටින් වගකිව යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත. ඇලෙක්සි නවල්නිගේ හදිසි මරණය සම්බන්ධයෙන් පූර්ණ හා විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත්තේ, නවල්නිගේ මරණය පිළිබඳ…

  • ළමයි හැදීම වැඩි කරන්නැයි පුටිං ඉල්ලයි

    ළමයි හැදීම වැඩි කරන්නැයි පුටිං ඉල්ලයි

    රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවත් එය ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළා. රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එරට කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අමතමින් . රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියානුවන් විශාල ගණනක්…

  • UAE හි සේවකයින්ට හදිසි දැනුම්දීමක්

    UAE හි සේවකයින්ට හදිසි දැනුම්දීමක්

    අහිතකර කාලගුණික වෙනස්වීම් හේතුවෙන් අද (12 ) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට එම සමාගම්වලින් ඉල්ලීම් කර තිබෙනවා. රැකියා ස්ථානයේ භෞතිකව සිටීම අවශ්‍ය තනතුරු හැර අනෙකුත් සියලුම රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රජකාරී සිදුකිරීමට අවසර ලබා දී ඇති බව එරට රජය නිවේදනය කරනවා. එළිමහනේ වැඩකටයුතු…

  • පකිස්තාන මහා මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ගේ පක්ෂ සාමාජිකයින් පෙරමුණේ

    පකිස්තාන මහා මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ගේ පක්ෂ සාමාජිකයින් පෙරමුණේ

    පකිස්තාන මැතිවරණ කොමිසම විසින් එරට මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිපල අනුව පෙරමුණේ සිටින්නේ පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂයේ අපේක්ෂකයින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ අපේක්ෂකයින් ස්වාධීන කණ්ඩායමක් ලෙස මෙවර මහ මැතිවරණය සඳහා තරග කළා. විදෙස් මාධ්‍ය පවසන පරිදි මෙවර පකිස්තාන මහ මැතිවරණය සඳහා තරග කළ…

  • පාකිස්තානයේ මහමැතිවරණය අදයි

    පාකිස්තානයේ මහමැතිවරණය අදයි

    පාකිස්තානයේ 12 වන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර මහ මැතිවරණය සඳහා මිලියන 128ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබා ඇත.

  • වසර 20 ක් තිස්සේ ලක්ෂ 20 ක් ගස් වවා වනාන්තරයක් බිහිකළ මාධ්‍යවේදියෙක්

    වසර 20 ක් තිස්සේ ලක්ෂ 20 ක් ගස් වවා වනාන්තරයක් බිහිකළ මාධ්‍යවේදියෙක්

    තනිවම වනාන්තරයක් වගා කල සැමියෙක් සහ බිරිඳක් පිලිබඳ අපුරු පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. ඔහු සෙබෙස්ටියාඕ සල්ගාදු ය. වෘත්තියෙන් පුවත් පත් චායාරුප ශිල්පියෙකු වූ සල්ගාදු සිය බිරිඳ ලෙයිලා සමග රැකියාවේ අවශ්‍යතාවක් වෙනුවෙන් ලෝක සංචාරයකට එකතු විය. නමුත් සංචාරයෙන් නැවත තම නිවසට පැමිණෙද්දී ඔවුන් දකින්නේ සිය නිවාස අවට තිබු අලංකාර වනාන්තරය විනාශ කොට ඇති අයුරුයි. සල්ගාදු ගේ…

  • ඉම්රාන් ඛාන් ට දස වසරක සිර දඬුවමක්

    ඉම්රාන් ඛාන් ට දස වසරක සිර දඬුවමක්

    රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ. 2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටී. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, එම චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති බවය.

  • ටොයෝටා සමාගමෙන් වාර්තාවක්

    ටොයෝටා සමාගමෙන් වාර්තාවක්

    එක දිගට සිව් වැනි වසරටත් ලොව වැඩිම මෝටර් වාහන ප්‍රමාණයක් අලෙවිකළ සමාගම බවට ටොයෝටා මෝටර් සමාගම පත්ව තිබෙනවා. ඔවුන් පසුගිය වසරේදී (2023) වාහන මිලියන 11.2ක් අලෙවිකර ඇති අතර පසුගිය වසරේදී ඔවුන්ගේ අලෙවි ආදායම 7.2%කින් වර්ධනය වී තිබුනා. වාහන මිලියන 9.2ක් අලෙවි කිරීමෙන් ජර්මනියේ වොක්ස්වැගන් සමුහය දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

  • ට්‍රම්ප් පළමු ජය ලබයි

    ට්‍රම්ප් පළමු ජය ලබයි

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පැවැති රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණය ජයගැනීමට හිටපු ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් සමත්විය. ඒ සඳහා පක්ෂ අපේක්ෂකයින් තෝරාපත් කරගැනීමේ පළමු අදියර එරට අයෝවා ප්‍රාන්තයෙන් ඊයේ (15) ආරම්භ වූයේ රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනත් සමඟිනි. ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය ඡන්ද විමසීමේ දෙවැනි ස්ථාන දිනාගෙන ඇත්තේ ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ය. ඔහු ට හිමි වූයේ…