වසර 20 ක් තිස්සේ ලක්ෂ 20 ක් ගස් වවා වනාන්තරයක් බිහිකළ මාධ්‍යවේදියෙක්

තනිවම වනාන්තරයක් වගා කල සැමියෙක් සහ බිරිඳක් පිලිබඳ අපුරු පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ.

ඔහු සෙබෙස්ටියාඕ සල්ගාදු ය. වෘත්තියෙන් පුවත් පත් චායාරුප ශිල්පියෙකු වූ සල්ගාදු සිය බිරිඳ ලෙයිලා සමග රැකියාවේ අවශ්‍යතාවක් වෙනුවෙන් ලෝක සංචාරයකට එකතු විය. නමුත් සංචාරයෙන් නැවත තම නිවසට පැමිණෙද්දී ඔවුන් දකින්නේ සිය නිවාස අවට තිබු අලංකාර වනාන්තරය විනාශ කොට ඇති අයුරුයි.

සල්ගාදු ගේ බිරිය ඔහුගෙන් අසන්නේ එය නැවත වගා කල නොහැකිද යන්නයි.

දැඩිව ක්‍රියාත්මක වන ඔවුන් වසර විස්සක් පුරා සිය දහදිය , ශ්‍රමය, මුදල් වියදම් කොට එම වනාන්තරය නැවත රෝපණය කරන්නේය.
ඔවුන් තෝරා ගන්නේ එම ප්‍රදේශයට ආවේනික ශාකයන් පමණි.

ඔවුන් මිලියන දෙකකට වැඩි ශාක ප්‍රමාණයක් මෙහි වගා කරන්නේය. උත්සාහය සාර්ථක වූ අතර අද වන සතුන්, කුරුල්ලන් සිටින අලංකාර වනාන්තරයක් බවට එය පත් ව ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *