රුසියානු විපක්ෂ නායකගේ මරණය පිළිබඳව ඇමරිකාව චෝදනා කරයි

බන්ධනාගාරගත ව සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි හදිසියේ මරණයට පත් වීම සම්බන්ධයෙන් ජනාධිපති පුටින් වගකිව යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත.

ඇලෙක්සි නවල්නිගේ හදිසි මරණය සම්බන්ධයෙන් පූර්ණ හා විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත්තේ, නවල්නිගේ මරණය පිළිබඳ පුවතෙන් තමා දැඩි කම්පනයට පත් වූ බවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *