ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙක් ලංකාවට

කළමනාකරණය සහ සම්පත් සඳහා වූ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

හෙට (18) ආරම්භ වන අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු රාජ්‍යයන් කිහිපයක සංචාරය අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව හෙට සිට ලබන 23 වැනි දින දක්වා අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරිමට සැලසුම් කර තිබේ.

සිය ඉන්දියානු සහ මාලදිවයින් සංචාර නිම කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන ඔහු රජයේ උසස් නිලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

එහි දී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය නිරික්ෂණය කිරිමට ද නියමිත ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *