Category: Local News

  • ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් බිඳ වැටේ

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් බිඳ වැටේ

    ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල වන මෙටා සමාගමට අයත් Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වනවා. එය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇති අතර නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නැත.

  • විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ආනයනය ගැන අලුත් තීරණයක්

    විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ආනයනය ගැන අලුත් තීරණයක්

    වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.ඒ අනුව විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීමට විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු…

  • පෙබරවාරියේ සංචාරකයින් ලක්ෂ දෙක පනී

    පෙබරවාරියේ සංචාරකයින් ලක්ෂ දෙක පනී

    2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබෙනාවා. එම අගය 218,350ක් බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බව ද සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. පසුගිය දෙසම්බර් මෙන්ම ජනවාරි මාසයේද මෙම සංඛ්‍යාව ලක්ෂ දෙක…

  • විභාගයන්ට දින නියම කෙරේ

    විභාගයන්ට දින නියම කෙරේ

    2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 6 වනදා සිට මැයි 15 දක්වා පැවැත්වේ. 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරිදා පැවැත්වේ. 2024 අපොස උසස් පෙළ…

  • අද පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍රයක් ඊයේ එලියට

    අද පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍රයක් ඊයේ එලියට

    බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) පැවැත්වූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය. 2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල බස්නාහිර පළාතේ පාසල්…

  • මාර්තු මාසයේ ගෑස් මිල වෙනස් නොවේ

    මාර්තු මාසයේ ගෑස් මිල වෙනස් නොවේ

    මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසන අතර තමන්ද එම ස්ථාවරයේ සිටින බව ලාෆ් ගෑස් සමාගමද පවසනවා. ඒ අනුව මාර්තු මාසයට තුල ගෑස් මිල වෙනස් වීමක් සිදු නොවනු ඇති.

  • බලයට ආවාම බදුගහන්නේ නැහැ කියන අය රාජ්‍ය පාලනයට මුදල් සොයාගන්නේ අතීතයේ නිවෙස් වලින් රැගෙන ගිය රන් ආභරණ විකිණීමෙන්ද ? -ඇමැති මනූෂ මහනුවරදී විමසයි

    බලයට ආවාම බදුගහන්නේ නැහැ කියන අය රාජ්‍ය පාලනයට මුදල් සොයාගන්නේ අතීතයේ නිවෙස් වලින් රැගෙන ගිය රන් ආභරණ විකිණීමෙන්ද ? -ඇමැති මනූෂ මහනුවරදී විමසයි

    තමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය විමසා සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, බදු අය නොකර රාජ්‍ය පාලනය ගෙන යාමට මුදල් අතීතයේ නිවෙස් වලට පැමිණ රැගෙන ගිය රන් ආභරණ විකුණා සොයා ගන්නවා දැයිද විමසා සිටියේය. වර්ථමානයේ පවතින ආර්ථික…

  • උණුසුම් තත්ත්වය ගැන නිවේදනයක්

    උණුසුම් තත්ත්වය ගැන නිවේදනයක්

    උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණු, සබරගමුව යන පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පැය 24 දක්වා එම නිවේදනය බලපැවැත්වේ. ඉහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ අංශ අපේක්ෂා කෙරේ.

  • කාලගුණයෙන් අවවාදයක්

    කාලගුණයෙන් අවවාදයක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දිනය සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.

  • රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වෙයි

    රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වෙයි

    හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය. ඔහු ජේ ආර් ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.