විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ආනයනය ගැන අලුත් තීරණයක්

වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීමට විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වනදා කැබිනට් අනුමැතිය හිමිව තිබු අතර එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 ජුනි 30 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරන ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ආදාළව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *