Category: Local News

  • උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වේ

    උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වේ

    අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

  • යතුරුපැදියේ සුනඛයෙකු ගැටී යාපනය සරසවි සිසුවෙක් මරුට

    යතුරුපැදියේ සුනඛයෙකු ගැටී යාපනය සරසවි සිසුවෙක් මරුට

    ධාවනය කරමින් සිටි යතුරුපැදියේ සුනඛයෙකු ගැටීම නිසා සිදුවූ අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවෙකු මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (පෙබ. 21) යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ, සිරිප්පිඩ්ඩි ප්‍රදේශයේ 13 කිලෝමීටර කණුව ආසන්න වංගුවේදී ය. මිය ගිය ශිෂ්‍යයා 22 හැවිරිදි යාපනයේ, මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  • උණුසුම ගැන අවවාදයක්

    උණුසුම ගැන අවවාදයක්

    පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.. මේ අතර,…

  • මලයාලම් සුරංගනාවිය සායි පල්ලවී රූගත කිරීමක් සඳහා ලංකාවට ?

    මලයාලම් සුරංගනාවිය සායි පල්ලවී රූගත කිරීමක් සඳහා ලංකාවට ?

    ගීතු මොහාන්දාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද යාෂ්ගේ   “Toxic” අති දැවැන්ත සිනමා පටයේ කොටස් කීපයක රූගතකිරීම් සඳහා ඉදිරි දින කීපය ඇතුළත එම චිත්‍රපටියේ නිශ්පාදන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය. Toxic හි ප්‍රධාන චරිත ලෙස යාෂ් සමග ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් ආදරය කරන මලයාලම් නිළියක් වන සායි පල්ලවී  පැමිණීමට ඉඩ ඇති බව පැවසේ.එමෙන්ම ඉන්දීය මාධ්‍ය පවසන පරිදි…

  • වරාය සේවකයෝ වැඩ වර්ජනයක

    වරාය සේවකයෝ වැඩ වර්ජනයක

    අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී ‘‘උපයන විට බද්දට‘‘ යටත් වීමට සිදුවීම නිසා වරාය සේවකයෝ මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. වරාය සේවකයින්ට දින 21 අසනීප නිවාඩු හිමි කමක් ඇත. නමුත් වරාය සේවකයින් මෙකී නිවාඩු ලබා නොගෙන ඒ වෙනුවෙන් පිරිනමන දීමනාව ලබා ගැනීමට හුරු වී ඇත. මේ සඳහා ලැබෙන දීමනාව පඩිය හා සමාන බව…

  • ජනපතිවරණය නිසි කලට පැවැත්වෙනවා

    ජනපතිවරණය නිසි කලට පැවැත්වෙනවා

    ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි කලට පැවැත්වෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු සැකයක් ඇති කරගත නොගත යුතු බවයි.

  • විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි

    විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි

    අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. එම යෝජනාව හෙට (22) විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන…

  • මා සේවයෙන් ඉවත් වන්නේ නෑ.. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

    මා සේවයෙන් ඉවත් වන්නේ නෑ.. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

    තමා කිසිඳු අවස්ථාවක ජාතික රෝහල තුළ කාර්යාල අඩස්සියට පත් නොවු බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

  • කොරියානු භාෂා විභාග අයදුම්පත ව්‍යාජ එකක්

    කොරියානු භාෂා විභාග අයදුම්පත ව්‍යාජ එකක්

    අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. අයදුම් පත්‍රයක් කාර්යාංශ වෙබ් අඩවියේ මෙතෙක් පළකර නොමැති අතර එහි ඇත්තේ තොරතුරු විස්තරයක් පමණක් බවද එම කාර්යාංශය අවධාරණය කරයි. එම ව්‍යාජ Google Forms වෙත ඔබගේ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…

  • වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉවත්වන තෙක් විරෝධතා

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉවත්වන තෙක් විරෝධතා

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම ධුරයෙන් ඉවත් කරන තෙක් සිය විරෝධතා ක්‍රියාමාර්ග අත්නොහරින බව එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ පවසති. පසුගිය දා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සිදු කළ ප්‍රකාශවලට එරෙහි ව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.