විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි

අද පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

එම යෝජනාව හෙට (22) විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වැඩිකළ සියයට 18ක බිල වැඩිකිරීම සම්පූර්ණයෙන් මෙහිදී අඩුකෙරෙනු ඇති.

ඔක්තෝබර් මාසයේ සංචාරක ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 12කින් කල වැඩි කිරීමද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර ඔක්තෝබර් මාසයේ රජයේ ආයතනවල විදුලි බිල සියයට 24කින් වැඩිකළ අතර එම ප්‍රමාණයද නව සංශෝධනය අනුව අඩු කෙරෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *