අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් 20-20 තරගය අද (21) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතය.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

අද තරගය සඳහා කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවත් ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු විවේක ගැන්වීමට නියමිත බවත් වාර්තා වනවා.

කමිඳු මෙන්ඩිස්ට ද අද අවස්ථාවක් හිමිවනු ඇති බවත් දන ගන්නට ලැබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *