ළමයි හැදීම වැඩි කරන්නැයි පුටිං ඉල්ලයි

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවත් එය ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළා.

රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එරට කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අමතමින් .

රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියානුවන් විශාල ගණනක් මියගොස් තිබෙන අතර එසේම විශාල පිරිසක් රට හැරගොස් ද තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *