UAE හි සේවකයින්ට හදිසි දැනුම්දීමක්

අහිතකර කාලගුණික වෙනස්වීම් හේතුවෙන් අද (12 ) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට එම සමාගම්වලින් ඉල්ලීම් කර තිබෙනවා.

රැකියා ස්ථානයේ භෞතිකව සිටීම අවශ්‍ය තනතුරු හැර අනෙකුත් සියලුම රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රජකාරී සිදුකිරීමට අවසර ලබා දී ඇති බව එරට රජය නිවේදනය කරනවා.

එළිමහනේ වැඩකටයුතු සිදුකිරීමට අවශ්‍ය නම් වෘත්තීයයන් සිදුකරන පිරිසට සෞඛ්‍ය ආරක්‍ෂිත පිළි‍වෙත්වලට අනුකූල සේවකයන් යෙදවීමට සමාගම් විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවට එරට රජය විසින් නිවේදය කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි, ඩුබායි, සාජා, ෆුජයිරා, අජ්මාන් සහ රාස් අල් කයිමා යන ප්‍රදේශවලට ඊයේ (11) තද සුළං, අකුණු සහ ගිගුරුම් සහිත වැසි වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් පාසල් සිසුන්ට ‍මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට ද නිවසේ සිට අධ්‍යනය කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දී ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *