අද සිට බිත්තර මිල ඉහලට

බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කළේය.

ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් වන අතර සිල්ලර මිල රුපියල් 63ක් දක්වා විහිඳ යා හැකි බව එම සංගමය පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *