Author: Pushpakumara Samarawickrema
-
UAE හි සේවකයින්ට හදිසි දැනුම්දීමක්
—
අහිතකර කාලගුණික වෙනස්වීම් හේතුවෙන් අද (12 ) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට එම සමාගම්වලින් ඉල්ලීම් කර තිබෙනවා. රැකියා ස්ථානයේ භෞතිකව සිටීම අවශ්‍ය තනතුරු හැර අනෙකුත් සියලුම රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රජකාරී සිදුකිරීමට අවසර ලබා දී ඇති බව එරට රජය නිවේදනය කරනවා. එළිමහනේ වැඩකටයුතු…
-
අද සිට බිත්තර මිල ඉහලට
—
in Local Newsබිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබේ. බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කළේය. ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් වන අතර සිල්ලර මිල රුපියල් 63ක් දක්වා විහිඳ යා හැකි බව…
-
ඔන්ලයින් පනතේ සංශෝධන අද කැබිනට් මණ්ඩලයට
—
in Local Newsමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
-
තරගාවලි ජය ශ්‍රී ලංකාවට
—
in Sports Newsදෙවන එක්දින තරගය ලකුණු 155කින් ජයගත් ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය තහවුරු කරගත්තේය. ලකුණු 309ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට පන්දුවාර 33යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස්කරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත්…
-
සී/ස ෆෙන්ටන්ස් සමාගම සී/ස හේලීස් ෆෙන්ටන්ස් නමින් ඉදිරියට
—
හේලීස් එකතුවෙන් වසර 7ක අති දැවැන්ත වර්ධනයක් සමඟ අනාගතයට අසමසම වටිනාකම් රැසක්.ශතවර්ෂයකට එහා ගිය උරුමයකට හිමිකම් කියන්නාවූ, ශ්‍රී ලංකාවේ විශ්වාසනීයතම ඉංජිනේරු සේවා සපයන්නෙකු වන ෆෙන්ටන්ස් සමාගම, මෙරට විශාලතම මෙන්ම වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන ‘හේලීස් සමූහ ව්‍යාපාරය’ හා එක්වීමත් සමඟ එහි නම හා අනන්‍යතාවය, නෛතික වශයෙන් තම ආයතනය ට එකතු කරගැනීම ආයතනය මෙතෙක් ආ…
-
19 න් පහලත් ඔස්ට්‍රේලියාවට
—
in Sports Newsවයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් තරගය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර ශූරයින් බවට පත්විය. එහිදී ලකුණු ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය යෞවන ක්‍රීඩකයින් පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 174ක් පමණි. ඒ අනුව අවසන් තරගය ලකුණු 79කින් ජයගත් ඔස්ට්‍රේලියා යෞවනයින් මෙවර 19න් පහළ ලෝක කුසලානය…
-
පකිස්තාන මහා මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ගේ පක්ෂ සාමාජිකයින් පෙරමුණේ
—
පකිස්තාන මැතිවරණ කොමිසම විසින් එරට මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිපල අනුව පෙරමුණේ සිටින්නේ පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂයේ අපේක්ෂකයින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ අපේක්ෂකයින් ස්වාධීන කණ්ඩායමක් ලෙස මෙවර මහ මැතිවරණය සඳහා තරග කළා. විදෙස් මාධ්‍ය පවසන පරිදි මෙවර පකිස්තාන මහ මැතිවරණය සඳහා තරග කළ…
-
වාහන 400 ක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ 07 දෙනෙකුට නඩු
—
in Local Newsමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හරහා රජයට මූල්‍ය පාඩු සිදුකිරීම සම්බන්ධයෙන්. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ…
-
ලෝකයට අනුව වෙනස් වූ බව ජාතික ජන බලවේගය කියයි
—
in Local Newsලෝක දේශපාලනයේ සිදු ව ඇති වෙනස් වීම්වලට සමගාමී ව තම පක්ෂය ද වෙනස් වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා සිය පක්ෂ මූලස්ථානයේ දී අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. විජිත…
-
වායු ගෝලයේ ගුණාත්මක අතින් අහිතකර තත්ත්වයක
—
in Local Newsදිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. වායු ගුණත්ව දර්ශකයට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල වායු ගුණත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑම් ඇති වන මට්ටමේ පවතින බව සඳහන්…