තරගාවලි ජය ශ්‍රී ලංකාවට

දෙවන එක්දින තරගය ලකුණු 155කින් ජයගත් ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය තහවුරු කරගත්තේය.

ලකුණු 309ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට පන්දුවාර 33යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස්කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක නොදැවී ලකුණු 97ක් රැස්කරගත් අතර නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය.

සදීර සමරවික්‍රම ලකුණු 52ක් සහ ජනිත් ලියනගේ අද තරගයේදී සිය දෙවන එක්දින අර්ධ ශතකය ලබා ගත්තේ නොදැවී ලකුණු 50 ක් ලබා ගනිමිනි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *