Author: Pushpakumara Samarawickrema

  • කාලගුණයෙන් අවවාදයක්

    කාලගුණයෙන් අවවාදයක්

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දිනය සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.

  • රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වෙයි

    රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වෙයි

    හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය. ඔහු ජේ ආර් ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

  • නීල් වැග්නර් පිටියෙන් සමුගනී

    නීල් වැග්නර් පිටියෙන් සමුගනී

    නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ඔහු තෝරා නොගන්නා බව නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු එම තීරණය ගෙන තිබෙනවා.

  • උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වේ

    උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වේ

    අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

  • යතුරුපැදියේ සුනඛයෙකු ගැටී යාපනය සරසවි සිසුවෙක් මරුට

    යතුරුපැදියේ සුනඛයෙකු ගැටී යාපනය සරසවි සිසුවෙක් මරුට

    ධාවනය කරමින් සිටි යතුරුපැදියේ සුනඛයෙකු ගැටීම නිසා සිදුවූ අනතුරකින් යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවෙකු මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (පෙබ. 21) යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ, සිරිප්පිඩ්ඩි ප්‍රදේශයේ 13 කිලෝමීටර කණුව ආසන්න වංගුවේදී ය. මිය ගිය ශිෂ්‍යයා 22 හැවිරිදි යාපනයේ, මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  • උණුසුම ගැන අවවාදයක්

    උණුසුම ගැන අවවාදයක්

    පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.. මේ අතර,…

  • මලයාලම් සුරංගනාවිය සායි පල්ලවී රූගත කිරීමක් සඳහා ලංකාවට ?

    මලයාලම් සුරංගනාවිය සායි පල්ලවී රූගත කිරීමක් සඳහා ලංකාවට ?

    ගීතු මොහාන්දාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද යාෂ්ගේ   “Toxic” අති දැවැන්ත සිනමා පටයේ කොටස් කීපයක රූගතකිරීම් සඳහා ඉදිරි දින කීපය ඇතුළත එම චිත්‍රපටියේ නිශ්පාදන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය. Toxic හි ප්‍රධාන චරිත ලෙස යාෂ් සමග ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් ආදරය කරන මලයාලම් නිළියක් වන සායි පල්ලවී  පැමිණීමට ඉඩ ඇති බව පැවසේ.එමෙන්ම ඉන්දීය මාධ්‍ය පවසන පරිදි…

  • වරාය සේවකයෝ වැඩ වර්ජනයක

    වරාය සේවකයෝ වැඩ වර්ජනයක

    අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී ‘‘උපයන විට බද්දට‘‘ යටත් වීමට සිදුවීම නිසා වරාය සේවකයෝ මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. වරාය සේවකයින්ට දින 21 අසනීප නිවාඩු හිමි කමක් ඇත. නමුත් වරාය සේවකයින් මෙකී නිවාඩු ලබා නොගෙන ඒ වෙනුවෙන් පිරිනමන දීමනාව ලබා ගැනීමට හුරු වී ඇත. මේ සඳහා ලැබෙන දීමනාව පඩිය හා සමාන බව…

  • ජනපතිවරණය නිසි කලට පැවැත්වෙනවා

    ජනපතිවරණය නිසි කලට පැවැත්වෙනවා

    ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි කලට පැවැත්වෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු සැකයක් ඇති කරගත නොගත යුතු බවයි.

  • අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

    අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

    සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් 20-20 තරගය අද (21) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. අද තරගය සඳහා කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවත් ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු විවේක…