Author: Pushpakumara Samarawickrema
-
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් බිඳ වැටේ
—
in Local Newsලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල වන මෙටා සමාගමට අයත් Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වනවා. එය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇති අතර නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නැත.
-
විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ආනයනය ගැන අලුත් තීරණයක්
—
in Local Newsවාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.ඒ අනුව විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීමට විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු…
-
ලොව ධනවත්ම පුද්ගලයා වෙනස් වේ
—
ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව තිබෙනවා. මේ දක්වා ලොව ධනවත්ම පුද්ගලයා වූ ඊලෝන් මස්ක් ඒ අනුව දෙවන ස්ථානයට පත් ව තිබෙනවා. මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් වන අතර ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බව වාර්තා වනවා.
-
පෙබරවාරියේ සංචාරකයින් ලක්ෂ දෙක පනී
—
in Local News2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබෙනාවා. එම අගය 218,350ක් බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බව ද සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. පසුගිය දෙසම්බර් මෙන්ම ජනවාරි මාසයේද මෙම සංඛ්‍යාව ලක්ෂ දෙක…
-
විභාගයන්ට දින නියම කෙරේ
—
in Local News2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 6 වනදා සිට මැයි 15 දක්වා පැවැත්වේ. 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරිදා පැවැත්වේ. 2024 අපොස උසස් පෙළ…
-
Sri Lanka Association of Racing Drivers And Riders (SLARDAR) සහ Asian Motor Racing Club (AMRC) එක්ව ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදක්වයි
—
‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය එළිදැක්වීමේ උත්සවය පසුගිය පෙබරවාරි 22 වැනි දින කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි DIMO 800 හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Nippon Paints Lanka (PVT) LTD මෙවර ‘Sri Lanka Super Series 2024’ ශූරතාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර Maxxis Tyres, Prima Kottumee, ESDEE Battery, Sri Lanka Insurance General LTD සහ Ozone…
-
අද පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍රයක් ඊයේ එලියට
—
in Local Newsබස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) පැවැත්වූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය. 2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල බස්නාහිර පළාතේ පාසල්…
-
මාර්තු මාසයේ ගෑස් මිල වෙනස් නොවේ
—
in Local Newsමාර්තු මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසන අතර තමන්ද එම ස්ථාවරයේ සිටින බව ලාෆ් ගෑස් සමාගමද පවසනවා. ඒ අනුව මාර්තු මාසයට තුල ගෑස් මිල වෙනස් වීමක් සිදු නොවනු ඇති.
-
බලයට ආවාම බදුගහන්නේ නැහැ කියන අය රාජ්‍ය පාලනයට මුදල් සොයාගන්නේ අතීතයේ නිවෙස් වලින් රැගෙන ගිය රන් ආභරණ විකිණීමෙන්ද ? -ඇමැති මනූෂ මහනුවරදී විමසයි
—
in Local Newsතමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය විමසා සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, බදු අය නොකර රාජ්‍ය පාලනය ගෙන යාමට මුදල් අතීතයේ නිවෙස් වලට පැමිණ රැගෙන ගිය රන් ආභරණ විකුණා සොයා ගන්නවා දැයිද විමසා සිටියේය. වර්ථමානයේ පවතින ආර්ථික…
-
උණුසුම් තත්ත්වය ගැන නිවේදනයක්
—
in Local Newsඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණු, සබරගමුව යන පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පැය 24 දක්වා එම නිවේදනය බලපැවැත්වේ. ඉහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ අංශ අපේක්ෂා කෙරේ.