Category: Local News
-
නව පාසල් වාරය 19 වැනිදා
—
in Local Newsනව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වේ. 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතය.
-
අද සිට අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් භාරගැනීම ඇරඹේ
—
in Local Newsඅස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මාසයක කාලයක් එම අයදුම්පත්‍ර භාරගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසු අතර දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04කට පමණ අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර සිටියා.
-
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන දිනයන්
—
in Local News2023 වර්ෂයේ සඳහා වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි. එමෙන්ම 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබේ. 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 දා ආරම්භ කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
-
සෞඛ්‍ය වර්ජනයේ වෙනසක් නෑ
—
in Local Newsසෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය. වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 6.30ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා…
-
ප්‍රදේශ කිහිපයකට වැසි
—
in Local Newsනැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
-
හෙට සෞඛ්‍ය වැඩ වර්ජනයක
—
in Local Newsසෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම තීරණය ගත් බව එම වෘත්තීය සමිති පවසයි.
-
අද සිට බිත්තර මිල ඉහලට
—
in Local Newsබිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබේ. බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කළේය. ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් වන අතර සිල්ලර මිල රුපියල් 63ක් දක්වා විහිඳ යා හැකි බව…
-
ඔන්ලයින් පනතේ සංශෝධන අද කැබිනට් මණ්ඩලයට
—
in Local Newsමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
-
වාහන 400 ක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ 07 දෙනෙකුට නඩු
—
in Local Newsමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හරහා රජයට මූල්‍ය පාඩු සිදුකිරීම සම්බන්ධයෙන්. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ…
-
ලෝකයට අනුව වෙනස් වූ බව ජාතික ජන බලවේගය කියයි
—
in Local Newsලෝක දේශපාලනයේ සිදු ව ඇති වෙනස් වීම්වලට සමගාමී ව තම පක්ෂය ද වෙනස් වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා සිය පක්ෂ මූලස්ථානයේ දී අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. විජිත…