සෞඛ්‍ය වර්ජනයේ වෙනසක් නෑ

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.

වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 6.30ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබු අතර ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රෝහල් කටයුතු පවත්වාගෙන යාමට රජය පියවර ගනු තිබිණි.

කෙසේවෙතත් බලධාරින් විසින් තම ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් අද දිනයේදීත් වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *