අද සිට අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් භාරගැනීම ඇරඹේ

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මාසයක කාලයක් එම අයදුම්පත්‍ර භාරගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසු අතර දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04කට පමණ අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර සිටියා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *