අනාගතය ගවේෂණය කිරීම අරඹන සිසුන්ට‍ Curtin Colombo සරසවියේ විවෘත දිනයේදී ඉහළ පිළිගැනීමක්

ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු Curtin සරසවියට අනුබද්ධ Curtin Colombo සරසවිය විසින් 2024 ජනවාරි 27 වන දින සංවිධානය කරන ලද විවෘත දිනය සඳහා සරසවි වරම් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ සිසුන් සහභාගී විය.

උසස් පෙළ විභාග අවසන් කළ හෝ ප්‍රතිඵල ලැබූ හෝ උසස් අධ්‍යාපන මාර්ග ගැන සලකා බලන සිසුන්ට තම අනාගත අධ්‍යාපන විකල්ප මාර්ග මොනවාද යන්න ගවේෂණය කිරීමට මෙම සරසවි විවෘත දිනය ඉතාමත් හොඳ අවස්ථාවක් බවට පත් විය. රැකියා වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති අංශ සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ ව්‍යාපාර, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ උපාධි Curtin Colombo සරසවිය විසින් පිරිනමනු ලැබේ.

Curtin Colombo සරසවියෙන් පිරිනැමෙන පරිගණක උපාධි සඳහා, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, සයිබර් ආරක්ෂණය, තොරතුරු තාක්ෂණය සහ පරිගණක පද්ධති සහ ජාලසැකසුම් ආදී විෂයන් ඇතුළත් වේ. ඉංජිනේරු උපාධි සඳහා සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, යාන්ත්‍රික සහ කාර්මික ඉංජිනේරු යන විෂයන් ඇතුළත් වේ. Curtin Colombo හි ව්‍යාපාර කළමනාකරණ උපාධිය (BBA) තුළ, ජාත්‍යන්තර කළමනාකරණය, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය, ඩිජිටල් අලෙවිකරණය යන අංශ ආවරණය කරනු ලැබේ.

Curtin Colombo සරසවියේ ඉගෙනුම ලබන සිසුන්ට, Curtin ජාත්‍යන්තර සරසවියට අනුබද්ධ වෙනත් රටවල සරසවිවල අධ්‍යාපන කටයුතු කිරීමටද අවස්ථාව උදාකර දේ. ඒ අනුව බටහිර ඕස්ට්‍රේලියාවේ Curtin Perth වෙත හෝ මැලේසියාව, සිංගප්පූරුව, ඩුබායි සහ මොරිෂස් ඇතුළු ඕනෑම Curtin ජාත්‍යන්තර සරසවියකට යාමේ අවස්ථාව සිසුන්ට හිමිවේ. එමගින් එම සරසවිවල විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ පාඨමාලා ප්‍රායෝගිකව හැදෑරීමට, ජාත්‍යන්තර රැකියා අවස්ථා උදාකරගැනීමට සහ ලෝකය පුරා සිටින ආදි ශිෂ්‍ය ජාලය සමඟ සම්බන්ධ වීමටද අවස්ථාව උදාකරගත හැකියි. ලොව පුරා ඇති සරසවි අතරින් ඉහළම සිටින 1%  ක සරසවි අතර Curtin සරසවිය ශ්‍රේණිගත වීමද සුවිශේෂී කරුණකි. (2023 QS ලෝක ශ්‍රේණිගත කිරීම).

කෙසේ නමුත් ජාත්‍යන්තර Curtin සරසවිය සතු සියලුම උපාධි Curtin Colombo සරසවිය තුළදී, එනම් ශ්‍රී ලංකාව තුළදීම සම්පූර්ණ කිරීමේ හැකියාව ඇත. යම් සිසුවෙක් Curtin Colombo සරසවියට ඇතුලත් වීමෙන් ජාත්‍යන්තර මට්ටමේ Curtin උපාධියක් ලබාගන්නවාට අමතරව, ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබනවාට වඩා ඉතා අඩු පිරිවැයකින් (හතරෙන් තුනකටත් වඩා අඩු මුදලකින්) උපාධියක් හැදෑරීමට ද අවස්ථාව උදාකරගනී.

ඕස්ට්‍රේලියාවේ Curtin සරසවිය සමඟ සහයෝගීතාවෙන් පිරිනමනු ලබන Curtin Colombo හි ජාත්‍යන්තර මට්ටමේ උපාධි වැඩසටහන් පිළිබඳ අවබෝධයක් විවෘත දිනයේදී සිසුන් විසින් ලබාගන්නා ලදී. මෙහිදී ආචාර්යවරුන් හමුවීමට ද සිසුන්ට අවස්ථාව උදා වූ අතර ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් විසින් පැවැත්වූ සාකච්ඡා සම්‍මන්ත්‍රණ මඟින් තමන්ගේ අනාගත අධ්‍යාපන අභිලාෂයන් සහ ඉලක්ක පිළිබඳ හොඳ අවබෝධයක් සහ දැක්මක් ලබාගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවිය. විවෘත දිනයේදී, සිසුන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සහ උපාධිධාරී රැකියා නියුක්තිය ඉහළ නැංවීම ඉලක්ක කරගත් සුවිශේෂී පාඨමාලා මොනවාද, ඒවායේ අන්තර්ගතය කුමක්ද සහ ඒවායේ ප්‍රතිඵල කෙබඳුද ආදී කරුණු සරසවි ආචාර්යවරුන් විසින් පුළුල් ලෙස විස්තර කරන ලදී.

Curtin සරසවි උපාධිධාරීන්ගේ රැකියා නියුක්තියේ අනුපාත කෙබඳුද, රැකියා ක්ෂේත්‍රය සමඟ Curtin සරසවිය සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද වැනි ඉතා වැදගත් තොරතුරු විවෘත දිනයේදී ආචාර්යවරුන් විසින් සඳහන් කෙරිනි. තවද සිසුන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමක්ද ආචාර්යවරුන් විසින් මෙහිදී සිදුකරන ලදී. තමන්ගේ අනාගත උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාවත නිවැරදිව හඳුනාගෙන එහි සාර්ථකව ගමන් කරන ආකාරය පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් ලබාගැනීමට මෙම විවෘත දිනයේදී සිසුන්ට හැකි විය.

සරසවියට ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද යන්න දැනගැනීමටද මෙහිදී සිසුන්ට උපදෙස් දෙනු ලැබිණි. ඊට අමතරව සිසුන්ට ඔවුන්ගේ වෘත්තීය මාර්ගය සොයා ගැනීමට, විවිධ අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථාවන් ගවේෂණය කිරීමට සහ ඕස්ට්‍රේලියාවේ හෝ ජාත්‍යන්තරව ඇති ඕනෑම Curtin සරසවියකට මාරු වීමට අවශ්‍ය මාර්ගෝපදේශන සේවාවන් ද Curtin Colombo සරසවිය විසින් විවෘත දිනයේදී ලබා දෙන ලදී.

විවෘත දිනයේදී පැමිණි සිසුන්ට, දැනට ඉගෙනුම ලබන සිසුන් සමඟ මුසුවීමෙන් සහ කතාබහ කිරීමෙන් ශිෂ්‍ය ජීවිතය පිළිබඳ ඉතා හොඳ අදහසක් ලබාගැනීමට හැකි විය. මෙහිදී සරසවිය තුළ සිටින සිසුන් සිදුකරන ක්‍රියාකාරකම්, විවිධ සංගම්වල ක්‍රියාකාරකම් සහ Curtin Colombo සිසුවෙක් වීමේ අත්දැකීම පිළිබඳ අවබෝධයක් සරසවියට පරිබාහිරව සිටින සිසුන් විසින් ලබාගන්නා ලදී.

ගෝලීය සම්බන්ධතා සහ ලොව පුරා ආයතන 130 කට අධික සංඛ්‍යාවක් සමඟ හවුල්කාරීත්වයෙන් කටයුතු කරන නිසා Curtin සරසවියේ සිසුන්ට ජාත්‍යන්තර රැකියා ජාලයට සහ අනිකුත් හවුල්කරුවන් වෙත පහසුවෙන්ම ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවේ. මේ නිසා සිසුන්ගේ රැකියා නියුක්තිය ද ඉහළ අගයක් ගනු ලැබේ. සරසවිය තුළ පරිගණක, ඉංජිනේරු සහ ව්‍යාපාරවල වැඩසටහන් සැලසුම් කර ඇත්තේ වෙළෙඳපොලේ සිටින ප්‍රමුඛ ආයතනවල සෘජු දායකත්වයෙන් වන අතර උපාධිධාරීන්ට ගෝලීය වෙළෙඳපොල තුළ සාර්ථක වීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම, සම්බන්ධතා ඇතිකරගැනීම සහ දැනුම වඩාත් නිවැරදි ලෙස ලබා දීම මෙහිදී නිරන්තරයෙන්ම සිදුකෙරේ.

“අපගේ විවෘත දිනය තුළින් අපත් සමඟ අත්වැල් බැඳගැනීමට සූදානමින් සිටින සිසුන්ට සහ දෙමාපියන්ට අපගේ ආචාර්යවරුන් සහ දැනට ඉගෙනුම ලබන සිසුන් හමුවීමට අවස්ථාව උදා වුනා. වීවෘත දිනයට සහභාගී වූ අයට, සරසවියේ ක්‍රියාපටිපාටිය, වෘත්තීය කරුණු, ඇතුළත් වීමේ නිර්ණායක, ඕස්ට්‍රේලියාවට ගෙවීම් කරන ආකාරය සහ ශිෂ්‍යත්ව වැනි කරුණු පිළිබඳව දැනගෙන ඒ පිළිබඳව ඉතා හොඳින් සාකච්ඡා කිරීමට හැකි වුනා.” යනුවෙන් Curtin Colombo හි පරිගණක හා ව්‍යාපාර ප්‍රධානී අංජලී ගමගේ මෙනෙවිය ප්‍රකාශ කරන ලදී.

Curtin Colombo හි විෂයමාලාව සහ පාඨමාලාවන් නූතන ලෝකයේ අවශ්‍යතා සමඟ හොඳින් ගැලපෙන ලෙස සකසා ඇත. Curtin සරසවියේ ඉංජිනේරු වැඩසටහන් ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කර ඇති අතර, පරිගණක වැඩසටහන් තුනක් (03) සහ ව්‍යාපාර පරිපාලන වැඩසටහන පිළිවෙලින් Australian Computer Society සහ AACSB විසින් ඉහළින් පිළිගනු ලැබේ.

කොළඹ මධ්‍යයේ පිහිටා ඇති, විචිත්‍රවත් බවින් පොහොසත් Curtin Colombo සරසවියෙන් ඔබට සර්ව සම්පූර්ණ උපාධියක් සහ ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත පරිපූර්ණ අධ්‍යාපන සහ ශිෂ්‍ය අත්දැකීමක් ලබාදේ. Curtin Colombo විවෘත දිනය යනු සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනික සිහින හඹායාමට සහ දීප්තිමත් අනාගතයක් සඳහා පළමු පියවර තැබීම වෙනුවෙන් උදා වූ සුවිශේෂී අවස්ථාවකි. ඉදිරියේදී ඔබට Curtin Colombo සරසවියට ඇතුළත් වීමට අවශ්‍ය නම්, www.curtincolombo.lk වෙබ් අඩවියෙන් හෝ 0765558989 අංකයට ඇමතීමෙන් හෝ inquiries@curtincolombo.lk මඟින් සිසුන් ඇතුළත් කිරීමේ අංශය සමඟ සම්බන්ධ වීමෙන් Curtin Colombo සරසවිය සමඟ ලියාපදිංචි‍ වීමේ අවස්ථාව ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *