Author: Pushpakumara Samarawickrema
-
මා සේවයෙන් ඉවත් වන්නේ නෑ.. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
—
in Local Newsතමා කිසිඳු අවස්ථාවක ජාතික රෝහල තුළ කාර්යාල අඩස්සියට පත් නොවු බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
-
කොරියානු භාෂා විභාග අයදුම්පත ව්‍යාජ එකක්
—
in Local Newsඅන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. අයදුම් පත්‍රයක් කාර්යාංශ වෙබ් අඩවියේ මෙතෙක් පළකර නොමැති අතර එහි ඇත්තේ තොරතුරු විස්තරයක් පමණක් බවද එම කාර්යාංශය අවධාරණය කරයි. එම ව්‍යාජ Google Forms වෙත ඔබගේ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…
-
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉවත්වන තෙක් විරෝධතා
—
in Local Newsකොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම ධුරයෙන් ඉවත් කරන තෙක් සිය විරෝධතා ක්‍රියාමාර්ග අත්නොහරින බව එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ පවසති. පසුගිය දා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සිදු කළ ප්‍රකාශවලට එරෙහි ව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.
-
රුසියානු විපක්ෂ නායකගේ මරණය පිළිබඳව ඇමරිකාව චෝදනා කරයි
—
බන්ධනාගාරගත ව සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි හදිසියේ මරණයට පත් වීම සම්බන්ධයෙන් ජනාධිපති පුටින් වගකිව යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත. ඇලෙක්සි නවල්නිගේ හදිසි මරණය සම්බන්ධයෙන් පූර්ණ හා විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත්තේ, නවල්නිගේ මරණය පිළිබඳ…
-
ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙක් ලංකාවට
—
in Local Newsකළමනාකරණය සහ සම්පත් සඳහා වූ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. හෙට (18) ආරම්භ වන අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු රාජ්‍යයන් කිහිපයක සංචාරය අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව හෙට සිට ලබන 23 වැනි දින…
-
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාලයේ සිරකරයි
—
in Local Newsකොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබේ.
-
ළමයි හැදීම වැඩි කරන්නැයි පුටිං ඉල්ලයි
—
රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සිය ජනතාවගෙන් වැඩි වැඩියෙන් දරුවන් හදන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. සෑම පවුලකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙක් වත් සිටීම වැදගත් බවත් එය ජාතියක් වශයෙන් පැවැත්ම සඳහා අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළා. රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එරට කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අමතමින් . රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියානුවන් විශාල ගණනක්…
-
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන්
—
in Local Newsඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තබා තිබෙනවා. ඒ බව ප්‍රකාශ කරනු ලැබුවේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්. මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බවයි ඔහු පවසන්නේ.
-
රේගුව අකුරට වැඩ
—
in Local Newsරේගු වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ගෙන ඇත. ඔවුන් පවසන්නේ අද පෙරවරු 9 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවය.
-
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 08 ක මිල පහලට
—
in Local Newsතවත් පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත හෙලන්නට ලංකා සතොස තීරණය කර තිබෙනවා. එළැඹෙන උත්සව සමයේ සිය පාරිභෝගිකයින්ට සහන සැලසීම අරමුණු කරගෙන මෙය ඔවුන් විසින් සිදු කර තිබෙනවා. එසේ පහල දමා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය 08 ක්. මීට අමතරව එළඹෙන උත්සව සමයේ දී තවත් දැවැන්ත මිල මෙන්ම සිය පාරිභෝගිකයින්ට ත්‍යාග ලබා දීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට…