19 ට එරෙහිව පිවිතුරැ හෙළ උරුමය උසාවියට.

DSC01138 DSC01148

9වන ව්‍යවස්ථා සංශෝදනයට අදාලව කරුණු දැක්විම සදහා පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එහිදි උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්…

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන වගන්තියේ ඉතා පැහැදිලිව අපේ ජාතික ගීය කුමක්ද කියන එකත් තියෙන්නේ සිංහල භාෂාවෙන් පමණක් කියන එකත් ඉතා  පැහැදිලිව දක්වලා තියෙනවා.ඒ විතරක් නෙවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීයේ පද මාලාව වෙනස් කරනවානම් සිංහල පද මාලාවට අමතරව දෙමළ පද මාලාවක් එකතු කරනවානම් ඒක ජනමත විචාරනයකි දී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු කාරනාවක්. එහෙම තිබියදී ජනාධිපතිවරයා දෙමළ බසින් ගායනා කිරීමට ගැසට් අනුමැතිය දුන් බවට මාධ්‍ය  වාර්තා කරලා තිබුනා. ඒක මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ඒ වගේම ජනාධිපතිතුමා දෝෂාභියෝගයට පත්විය හැකි කාරණාවක්. මෛත්‍රීපල සිරිසේන ජනාධිපතිතුමා අමාරුවේ දාන්නා ලබා දුන්න උපදේශයක් හැටියටයි අපි මේක දකින්නේ. ඒ වටේ ඉන්න උපදේශකයන්ගෙන් ප්‍රවේශම් වෙන්න එතුමාට මේක හොඳ කාරණාවක්. එතුමා අමාරුවේ දාපු පළවෙනි කාරනවා මේක නෙවයි . මිට කලිනුත් උතුරු පළාත් සභාව සමූල ඝාතන  යෝජනාව සම්මත කරපු වෙලාවෙත් ප්‍රතිචාරය උනේ එක කමක් නැ කියලයි . ඉතින් අපිට පේනවා මේ ප්‍රශ්න ගැන නිසි උපදෙස් දෙන්න එතුමා වටේ කවුරුත් නැ. එතුමා අමාරුවේ දාන උපදෙස් තමයි දීලා තියෙන්නේ . ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව දෝෂාභියෝගයෙන් ඉවත් කරන්නට  ප්‍රමාණවත් තරම් වරදක් අද එතුමා අතින් සිදුවෙලා තියෙනවා  .
ඊළඟට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය 17වෙනිදා ගැසට් මගින්  ප්‍රසිද්ධ කල  පසුව ඉන් දින 7 කට  පසුව ජනවාරි  24 වෙනිදායින්  පස්සේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා.  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින7ක් ඇතුළත මෙරට පුරවැසි‍යෙකුට 19වන ව්‍යවස්ථා සංශෝදනය අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අවසර තියෙනවා. පිවිතුරු හෙළ උරුමය විදියට අපි තීරණය කරලා තියෙනවා  19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය අභියෝගට ලක්කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්න. පෙත්සම්කරු  විදියට කටයුතු කරන්නේ පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් ප්‍රධාන ලේකම් විදියට මම යි. ඒ  වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන පෙත්සමේ දී මම වෙනුවෙන් ජනාදිපති නිතිඥ ප්‍රකට ව්‍යවස්ථා නිති විශාරදයකු වන ජනාධිපති නිතිඥ මනෝහර සිල්වා මැතිතුමා මං වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනි සිටින්න කැමැත්ත පළකරලා තියෙනවා. මං මේ 19වන ව්‍යවස්ථා සංශෝදනයේ අපේ ප්‍රමුකතම නීති තර්කය වන්නේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, අණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිවරයා. හැබැයි එහෙම කියුවට ජනාදිපතිවරයා නෙවෙයි ඇමති මණ්ඩලේ මුලසුන දරන්නේ අගමැතිවරයාය. ජනාදිපතිවරයාට ඕනේනම් කැඳවන්න පුළුවන් ඒ වගේම අමාත්‍යාංශයන්ගේ විශයන් බෙදිම කරන්නේ අගමැතිවරයා. එතකොට අගමැතිවරයා තමයි අණ්ඩුවේ ඇත්ත ප්‍රධානියා වෙන්නේ. රට රවට්ටන්න අර හංස ප්‍රතිපත්ති ප්‍රකාශයත් කියෙව්වම පැහැදිලි නැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද සංශෝදනය කරනවාද කියලා. අහෝසි කරන්න කියන අයට අහෝසි කරනවා කියලා දැනෙන්නත් සංශෝදනය කරන්න කියන අයට සංශෝදනය කරනවා කියලා දැනෙන්නත් තමයි ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා තිබුනේ. මේ ආකාරයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝදනය ජනාදිපතිවරයා  අණ්ඩුවේ ප්‍රධානියා වියයුතුයි කියලා හිතෙන අයට එහෙම පෙන්නත් අගමැතිවරයා අණ්ඩුවේ ප්‍රධානියා වියයුතුයි කියලා හිතෙන අයට එහෙම පෙන්නත් තමයි මේ කෙටුම්පත හදලා තියෙන්නේ. හැබැයි නීතියේ ඇති වැදගත් මුලධර්මය සෘජුව කරන්න බැරිදෙයක් වක්‍රව ද කරන්න බැහැ කියලා. එක වැදගත් නීති  මුලධර්මයක්. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෘජුව කියලා තියෙනවා ජනාධිපතිවරයා සතු බලතල. අපි දන්නවා ජනාදිපතිවරයාට බලය දෙන්නේ ජනතාව. ජනාධිපතිවරයා පත්වෙන්නේ මහජනතාවගෙන්. එතකොට ජනාධිපතිවරයා පවිච්චිකරන්නේ මහජනතාවගේ බලය. ජනාධිපතිවරයා සතු බලය ඇමති මණ්ඩලයට හරි අගමැතිවරයාට හරි මාරුකරනවා කියන්නේ ජනතාව මාරු කරනවා කියන එකයි. ඒ නිසා මේ 19 වන සංශෝදනය හරහා  ජනතා පරමාධිපත්‍ය පිට්පොකට් ගහන්න උත්සහ කරලා තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍ර වාදයට විරුද්ධයි. ජනතා පරමාධිපත්‍යයට විරුද්ධයි. ඒ නිසාම 2002 දිත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරය දරන සමයේ මේ උත්සහය මේ විදියටම දැරුවා. 19 වන ව්‍යවස්ථා සංශෝදනය නමින් ව්‍යවස්ථා සංශෝදනයක් 2002 දී ගෙන අවා. ඒ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මේ 19 සංශෝදනය පිළිබද තීන්දුවක් දුන්නා. ඒ සත් පුද්ගල විනිශ්චය මණ්ඩලයට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මැතිතුමා, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මේ සියලු දෙනා සිටියා. මේ හත් විනිසුරු මණ්ඩලය ඒකමතිකව . තීරණය කලා ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දුන් බලයක් වෙනත් කෙනෙකුට ලබා දෙන්නේ නම් ජනමත විචාරනයකදි ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතුය. මේක මගහරින්න තමයි බොරුවට කැගැහුවා අණ්ඩුවේ ප්‍රධානියා ජනාදිපතිවරයාය. අද මේක තියෙනවා. නමුත් ක්‍රියාවෙන් වෙන්නේ අගමැතිවරයා තමයි අණ්ඩුවේ ප්‍රධානියා වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රිලංකා රාජ්‍යය දෙමළ බෙදුම්වාදයකට අසුවෙලා තිබෙන වෙලාවක ජාත්‍යන්තර අතපෙවීම් තිබෙන වේලාවක සීග්‍ර සංවර්දනයක් අවශ්‍ය වේලාවක විධායකය දුර්වල කරලා රට අස්ථාවර කරනවට අපි විරුද්ධයි. ඒ නිසා මේ  19 වන ව්‍යවස්ථා සංශෝදනය ජනමත විචාරනයකට ලක්කරන්න කියල නියෝගයක් ලබාදෙන ලෙස අප ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම 19 වන ව්‍යවස්ථා සංශෝදනයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳව වන සඳහන ද ගැටලු කාරී වෙනවා. ජාතික ආරක්ෂාව මින් අනතුරේ දමා තිබෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝදන‍යේ 14 ආ වගන්තියේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දී තියෙනවා. ඒ වගේම එම වගන්තියේ කියනවා ජාතික ආරක්ෂාව අනතුරකට පත් විටකදී තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කිරීමට නියෝග පැමිණවිය හැකිය. දැන් බලන්න ජනතාවට ඕනෑම තොරතුරක් දැනගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝදන‍ය හරහා ජනතාවට ලබාදෙනවා. හැබැයි ජාතික ආරක්ෂාව මේ නිසා අනතුරකට වැටීම නැවැත්වීමට නීති රීති පනවන්නෙ පස්සෙ. ඒ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝදන‍යේ සම්මත වූ ගමන් කවුරු හරි පුරවැසියෙක් රාජ්‍ය නොවන සංවිධානයක් ලිපියකින් ඉල්ලුවොත් 2009 මැයි1වෙනිදා සිට 18 වෙනිදා දක්වා වෙල්ලමුල්ල වයික්කාල්වල හමුදා මෙහෙයුම් වල සිටිය නිලධාරීන් කවුද ඔවුන්ට අන දුන් නිලධාරීන් කවුද පාවිච්චිකල ආයුධ මොනවාද දැනට පලාළි කදවුරේ තිබූ ආයුධ මොනවාද පිවිසුම් මාර්ග මොනවාද වැනි ජාතික ආරක්ෂාවට වැදගත් කාරනා පුරවැසියෙකු ලිපියක් එව්වොත් ලබාදෙන්න ආණ්ඩුව බැඳිල ඉන්නවා 19 වන ව්‍යවස්ථා සංශෝදන‍ය ක්‍රියාත්මක උනොත්.  මේ නිසා මින් ජාතික ආරක්ෂාව බරපතල විදියට අනතුරටදාල බටහිර බලවේග වලට ඒ වගේම චැනල් 4 පෝ නාලිකාව වැනි අපේ හමුදාවට එරෙහි නාලාකාවලට අවශ්‍ය තොරතුරු රජයෙන්ම ලබාදෙන අවස්තාව ලබාදී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අපේ රණවිරුවන්ට විරැද්ධව තොරතුරැ ආණ්ඩුවේ ලිපි ගොණුවලින්ම ලබා ගැනීමට අවස්ථාව මේ නිසා හිමි වෙනවා. මේ ආණ්ඩුවේ ඇමතිවරු මේ රට ‍බේරාගත් මහින්ද රාජපක්ෂ මහතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව හිරේ දාන්න ඕනේ කියල නිරන්තරයෙන්ම ප්‍රකාෂ කරනවා. ඒ සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදීමට අවශ්‍ය වට පිටාව ගොඩනැගීම මෙහි රහස් අරමුනද කියලා අපිට හිතෙනවා. එහෙමනම් මේ සදහා කල යුත්තේ කුමක්ද. විකල්ප දෙකක් මේ සදහා තිබ්බා. තොරතුරැ දැන ගැනීමේ අයිතිය ජාතික ආරක්ෂාවට භාදා නොවන අයුරින් කල යුතුය යන කාරනය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට ඇතුලත් කිරීම. නැතිනම් එය නීති මගින් සිදුකරනවනම් එම නීතියද මේ සංශෝදන‍ය සමගම ගෙන ඒම. එසේ නොකිරීමෙන් මහින්ද ගෝඨාභය ඇතුලු සියලු රණවිරැවන් අනතුරේ හෙලා තියෙනවා.