බලහත්කාරයෙන් කොළඹ නගරයේ ඉඩම් ඇල්ලිම ඇරඹේ.

201 Old Dutch Hospital, Colombo

Update:
නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කර පවත්වාගෙන යන කොළඹ කොටුව – ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති රාජ්‍ය දේපලක් අවසරයකින් තොරව බලහත්කාරයෙන් වටකර වැටක් ගැසීම පොලිසිය මැදිහත් වී අද (21)නතර කළා. ඒ නාගරික සංවර්ධන අධිකාරිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි. නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම වටකර අවසරයකින් තොරව වැටක් ගසමින් අත්තනෝමතිකව කි‍්‍රයා කිරීමට මහාරාජා සංවිධානයට ඉඩ දිය නොහැකි බවයි.

මෙම ප්‍රදේශය වසර කිහිපයකට පෙර පැවතියේ අධි ආරක්ෂිත කලාපයක් ලෙසයි.
ජනතාවට අවසරයකින් තොරව අදාළ ප්‍රදේශයට ඇතුළුවීම තහනම්ව තිබූ අතර කිසිදු සංවර්ධන කටයුත්තක් මේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සිදුවූයේ නැහැ.
කෙසේ වෙතත් යුද්ධය අවසන් වීමත් සමග මේ භූමිය ඇතුළු අවට ප්‍රදේශ සීග්‍රයෙන් සංවර්ධනය වන්නට වුණා.
තණකොළ සහිත මෙම භූමිය නඩත්තු කරනු ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින්.

අද පෙරවරුවේ පැමිණි පෞද්ගලික සමාගමක් එය තමන්ට හිමි බවට පවසමින් අදාළ භූමිය වටකර නවීන පන්නයේ වැටක් ඉදිකිරීමට උත්සාහ ගත්තා

……………………………………………..

කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති රාජ්‍ය දේපළක් වටකරමින් කිසියම් පිරිසක් බලහත්කාරයෙන් වැටක් ඉදිකරමින් සිටින බව සදහන්. මේ සදහා ඔවුන් වසර ගණනවකට පෙර පැවති රජයක් ඔවුන්ට ලබා දී ඇති ලියවිල්ලක් ඉදිරිපත් කරමින් මේ විනාශය සිදුකරන බවද වාර්තා වී තිබෙනවා.

මෙය නිති විරෝධි ක්‍රියාවක් බව කොළඹ මහ නගර සභාවද මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබෙනවා.නමුත් තවමත් මෙය නතර කිරිමට ආරක්ශක අංශ ඉදිරිපත් නොවිම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවට ජනතාව චොදනා කරනවා.