ජාතික ගීය දෙමළෙන් ඕනේ කිවුවේ මම..

People-want-the-new-regime-Mano-Ganesan

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ බාධාවක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති විධායක සභාවේදී ප‍්‍රකාශ කර තිබෙනවා. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ අවශ්‍යතාව විධායක සභාවේ දී තමන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකළ බවයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සදහන් කර තිබෙන්නේ.

මම ඒ සම්බන්දව ප්‍රශ්නයක් මතුකරා. මොකද දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන එක ගැන අපට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. නමුත් ගිය පාලනය යටතේ ඒකට ඉඩ නොදීම නිසා ඒ අවස්තාව දෙමළ බස කතාකරන ජනතාවට අහිමිවෙලා තිබුනා. ගිය ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් මේ සම්බන්ධව නිතිවිරෝධිව මත ඉදිරිපත් කරලා දෙමළ ජනතාවගේ පොදු කටයුතුවලදී නැත්නම් පාසල්වල දෙමළ ජනතාව ජිවත්වන ප්‍රදේශවල භාවිතා වෙන්නට තිබුන අවස්තාව නැතිකරා.

මේ සම්බන්ධව මම ප්‍රශ්නකළ අවස්ථාවේදී ජනාධිපතිතුමා ඒකට එකඟවෙලා ඒ ව්‍යවස්තානුකුල අයිතිය යළි ලබාදෙන බව එතුමා කියලා තිබුණා. ඒ සම්බන්ධව නිලධාරි මණ්ඩලයට දැනුම් දෙනවා කියලා එතුමා ජාතික විධායක සභාවේදී අපට පොරොන්දුව දුන්නා. ඒ ගැන සතුටු වෙනවා. මොකද රටේ එක්සත්භාවය, තුලිතභාවය තව තවත් ශක්තිමත් වෙන්නට මේවගේ අවස්ථාව යහපාලනය යටතේ ලබා ගත්ත එක ගැන අපි සතුටු වෙනවා.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට 2010 වසරේ දී එවක රජයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වු ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. එහිදී ඊට අනුමැතිය නොලැබුණ ද ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නිල නොවන වශයෙන් නතර වී තිබුණා.

මේ අතර ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකළ යුතු බවට 2010 වසරේ දී අමාත්‍ය මණ්ඩලයට තමන් ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගත් බව එවක රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වු ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දෙමළ ජාතිකයින් වාසය කරන ප‍්‍රදේශවල ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළ යුතු බවයි.

කෙසේවෙතත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ ජාතීන් කිහිපයක් වෙසෙන රටවල ද ජාතික ගීය එකම භාෂාවකින් පමණක් ගායනා කෙරෙන බවයි.