විදුලි සංදේශ සේවා ප්‍රශ්න ජනපතිට යොමු කෙරේ.

President of Sri Lanka Maithripala Sirisena
විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ උද්ගතව ඇති ගැටලූ පිළිබඳ සොයා බලා වහා විසඳුම් ලබා දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විදුලි සංදේශ සේවා සපයන්නන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකදීයි.
විදුලි සංදේශ සේවා සපයන්නන් මුහුණදෙන ගැටලූ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් ඉතා සාධාරණ බැවින් ඒවාට කඩිනමින් විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වී තිබෙනවා.