රජීව්ට ආණ්ඩුව එපා වෙයි.

rajeeva_wijesinghe

සිය තනතුර සම්බන්ධයෙන්  රජය සමග මතභේදයක සිටි උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය ඇමති රජිව විජේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන්ගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාමට එල්ල වු බාධා හේතුවෙන් තමන් එම ධුරයෙන් ඉවත් වු බවයි.

මින් ඉදිරියට තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ද මහාචාර්ය රජිව විජේසිංහ මහතා සඳහන් කර ඇත.

උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති ලෙස කටයුතු කළ රජීව විජේසිංහ මහතා උසස් අධ්‍යාපන කැබිනට් ඇමතිධූරය ලබාදෙන ලෙසට වත්මන් ආණ්ඩුවේ උසස් අධ්‍යාපන, මහමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන ඇමති කබීර් හෂීම් මහතාගෙන් ඉල්ලා සිටි බව මෑතකදී මාධ්‍ය වාර්තා කළේය.

එසේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කළ ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය එම තනතුරින් ඉවත් කිරීමට අදාළව පැන නැඟුණු කතා බහේදී ද රජීව විජේසිංහ මහතාගේ නම වැඩි වශයෙන් කියැවිණ.

තමන් රාජ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී සිය ලේකම්ට වෙනත් ඇමතිවරයෙකු නියෝග ලබාදීම ගැන එම අවස්ථාවේදී ඔහු චෝදනා මුඛයෙන් අදහස් දැක්වීය.

මෙවන් වාතාවරණයක් මත තමාට උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති තනතුර නොව කැබිනට් ඇමති තනතුර ලබා ගැනීමට අදාළව සිය ගැටලුව සම්බන්ධයෙන් නව රජයේ නායකයින්ගේ අවධානය යොමු කළත් ඊට විසඳුමක් නොලැබුණු බව ඒ මහතා පවසා තිබුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද මේ ගැන අවධානය යොමු කළ විට ඒ මහතා තමන්ට ඹුට්ලෙර්’ස් ‘ඇර්ට් Oෆ් ථෙ ඵොස්සිබ්ලෙ’ පොත කියවන ලෙසට උපදෙස් දුන් බවද විජේසිංහ මහතා පවසා තිබිණ.

මෙසේ තිබියදී පසුගිය දිනවල නිහඬ චරිතයක් බවට පත්ව සිටි රජීව විජේසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු  පක්ෂයේ සිට විපක්ෂයට ගොස් අසුන්ගෙන ඇත.

රජීව විජේසිංහ මහතා ඉකුත් මහින්ද රාජපක්ෂ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූයේ ජාතික ලැයිස්තුවෙනි.

මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අ‍ෙප්ක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට කැමැත්ත පළ කිරීම සඳහා පැවැත්වූ පළමු මාධ්‍ය හමුවට ද රජීව විජේසිංහ මහතා පැමිණ සිටියේය.