වංචාව ගැන හොයනකන් අර්ජුන් ගෙදර.

_64685903_64685902

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයට අදාළ පරීක්ෂණ කටයුතු නිමවන තෙක් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.

බැඳුම්කර නිකුත් කිරීමේ දී මතුවී ඇති බව කියන ගැටලු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව ද සදහන්.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පළමු වරට බැඳුම්කර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් ප්‍රකාශ කරන බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවත් පත් කර ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එම කමිටුව සඳහා සුදුසුම පුද්ගලයින් පත්කර ඇති බව ද සඳහන් කළේය.

එමෙන්ම අදාළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ අතර මේ පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ බැදුම්කර නිකුතුව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යව පවතින බවයි.