ලෝක කුසලාන දිනා වසර 19යි.

world cup 1996

අද දිනය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු සුවිශේෂී දිනයක් බවට ඔබට මතකද ? දිනය 1996 මාර්තු 17.කී‍්‍රඩාංගණය –  පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණය

එදා පැවැත්වෙමින් තිබුණේ විල්ස් ලෝක කුසලානයේ ඔස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර අවසන් මහ තරගයයි. අවසන් මහ තරගය කඩුලූ 7කින් ජය ගත් අර්ජුන රණතුංග ප‍්‍රමුඛ කණ්ඩායම ශී‍්‍ර ලාංකේය සිංහ නාදය ලොව පුරා රැගෙන ගියේ කි‍්‍රකට් ලොව සිටින භයානකම කණ්ඩායම ශී‍්‍ර ලංකාව බවට පසක් කරමින්. සනත් ජයසූරිය සහ රොමේෂ් කලූවිතාරණ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරමින් 96 ලෝක කුසලාන තරගාවලියේදී මහත් පෙරලියක් සිදු කළේ. සනත් ජයසූරිය එවකට හැදින්වූයේ මාස්ටර් බ්ලාස්ටර් නමින්. රොමේෂ් කලූවිතාරණ එදා කි‍්‍රකට් විචාරකයින් හැදින්වූයේ ලිට්ල් කලූ යනුවෙන්. දැනට ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන අසංග ගුරුසිංහ 96 දී ශී‍්‍ර ලංකා ජයග‍්‍රහණය වෙනුවෙන් ඉමහත් කාර්ය භාරයක් ඉටු කළා. ගුරා නමින් එවකට ප‍්‍රසිද්ධව සිටි අසංග ගුරුසිංහ වැටුන් ශී‍්‍ර ලංකා ඉනිම සෙමින් පන්දුවට පහර දෙමින් ගොඩගත් අවස්ථා එමටයි. අවසන් මහ තරගයේදී නොදැවී 107 ක් රැස් කළ අරවින්ද ද සිල්වා අවසන් මහ තරගයේ වීරයා ලෙසටද නම් කෙරුණා. තරගාවලියේ වීරයා වූයේ 96 ලෝක කුසලාන තරගාවලියේ පන්දු යවන්නන්ට හිසරදයක් වූ සනත් ජයසූරියයි. කැප්ටන් කූල් හෙවත් අර්ජුන රණතුංග තරග අවසන් කරන්නෙකු බවට එදා පත්ව සිටියා. හෂාන් තිලකරත්න, රොෂාන් මහනාම පිටියේ පන්දු රකිමින් විශාල කාර්යය භාරයක් එදා සිදු කළා. අගර දගර පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් එදා සිය පන්දුවෙන් දැක් වූ වික‍්‍රමයද විශිෂ්ටයි. චමින්ද වාස්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ සහ කුමාර ධර්මසේනද 96 විල්ස් ලෝක කුසලාන දිනා ගැනීම සදහා විශාල කාර්ය භාරයක් සිදු කළා. මේ සියල්ලන්ගේම දස්කම්වලින් අපි ලබා ගත් එම විජයග‍්‍රහණයට අදට වසර 19යි.