ජ.වි.පෙ මධ්‍යම කාරක සභාව අද රැස්‌වේ

JVP-logo

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය ඇතුළු පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ අද (16 වැනිදා) විශේෂ මධ්‍යම කාරක සභාවක්‌ කැඳවා ඇත.

මෙහිදී 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳවත් මැතිවරණ ක්‍රමය පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතය.

ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරියේදී කෙසේ කටයුතු කළ යුතුද යන්න මෙම විශේෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බවත් එහිදී විශේෂ තීන්දු තීරණ ගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.