ජනපති ශ්‍රීලනිප ආසන සංවිධායක හමුව අද

President of Sri Lanka Maithripala Sirisena


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16 වැනිදා) සවස 5.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක්‌ පැවැත්වේ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මුහුණදිය යුතු ආකාරය සාකච්ඡා කිරීමට නියමිත බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.

මේ අතර හෙට (17 වැනිදා) පෙ.ව. 11.00 ට විපක්‍ෂ නායක නිමල් සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විපක්‍ෂ නායක කාර්යාලයේදී විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක්‌ ද පැවැත්වේ.