ක්‍ෂෙනුකා පත්කිරීම සදාචාර නැ; JVP

Vijitha_Herath

එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ සිටියදී චෝදනා එල්ල කළ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත හා විදේශ කටයුතු අමාත්‍යාංශ හිටපු ලේකම් ක්‍ෂෙනුකා සෙනවිරත්න මහත්මිය වත්මන් රජය තායිලන්තයේ තානාපති ලෙස පත්කිරීම සදාචාර නිරෝධී බරපතළ වැරැද්දක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුණ අවධාරණය කරයි.

ඇයට බරපතළ මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා රැසක්‌ එල්ල වී ඇති මොහොතක ඒ පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වන තෙක්‌ හෝ ඇය තනතුරකට පත් නොකිරීමට වත්මන් ආණ්‌ඩුවට අඩුම තරමේ සදාචාරයක්‌ තිබිය යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍යට පැවසීය.

වත්මන් ආණ්‌ඩුව යහපාලනය පිළිබඳව කතා කළත් එය භාවිතයෙන් ඔප්පු නොවන්නේ නම් එහි ඇති යහපාලනයක්‌ නොමැති බවද හෙතෙම පැවසීය.

ජිනීවා නිල නිවස අලුත්වැඩියාවේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්‍ෂණ වාර්තාවේදී සෙනවිරත්න මහත්මියට චෝදනා එල්ල වී ඇති බවත්, අලුත්වැඩියාව සිදුකිරීමට කොටි හිතවාදී ටෙන්ඩර් සමාගමකට ටෙන්ඩර් කැඳවීමෙන් තොරව ලබාදී ඇති බවට චෝදනා එල්ලව තිබූ බවත් විජිත හේරත් මහතා කීය.

මෙම සිදුවීම් මගින් පෙනෙන්නේ යහපාලනයට බාධා සිදුකරනුයේ වෙන කිසිවකු නොව ආණ්‌ඩුවේම උදවිය බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.