තනපට ගැලවු ප්‍රසංග සංවිධායකයන්ට මඩු වල්ගයෙන් ගැසිය යුතුයි..ජනපති කියයි.

President of Sri Lanka Maithripala Sirisena

මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවද ජනපති අම්පාරේදී උත්සවයකට සහභාගී වෙමින්  පැවසීය.

පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල   ටිකට් වල වටිනාකම් අනුව  අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වු බවත්,  කාන්තාවන්ගේ තනපට   ගලවා අදාළ ගායකයාට විසිකළ බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවද ඒ මහතා එහිදී කීවේය.

එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට ඉඩ නොතබන්නැයි රාජ්‍ය නිලධාරීන්ටද ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අවධාරණය කළේය.

මෙවැනි උත්සව සංවිධානය කරන පුද්ගලයන්ට මඩුවල්ගයෙන් ගැසිය යුතු බවට ජනපති මෙහේදි ප්‍රකාශ කල අතර එය මේ වන විට ලෝක ජනමාධ්‍ය තුල කතා බහට ලක්ව තිබේ.

ලෝක ප්‍රසිද්ධ ගායකයෙකු වූ එන්රික් ඉග්ලේසියස්  (Enrique Iglesias) ශ්‍රී ලංකාවට පැමිණ සහභාගී වූ එම සංදර්ශනය (ENRIQUE IGLESIAS  LIVE  IN  COLOMBO)  සංවිධාන කර තිබුනේ Live Events (ලයිව් ඉවෙන්ට්ස්)  විසින්.  Live Events  සමාගම  හිමිකාරීත්වය දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකු වූ  මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරයි.

නරඹන්නන්ගේ හැසිරිම් මත ප්‍රසංග පැවැත්විම හෝ නොපවැත්විම තිරණය කිරිමට සුදානම් වුවහොත්, ශ්‍රි ලංකාවේ මිනි මැරුම්,ගුටි බැට හුවමාරු සිදුවන එළිමහන් ප්‍රසංග වල වගකීමද සංවිධායකයන්ට ගැනිමට සිදුවේ.මේ තිරණය ප්‍රායෝගිකද යන්න විචාරයට තුඩු දෙන්නකි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *