සැර අඩු මිල බැස්සුවයි රවිට ජනපති සැර කරයි.

President of Sri Lanka Maithripala Sirisena

2016 අය වැයෙන් බීර සඳහා අඩු කළ ආනයනික බදු ගාස්තු යළි වැඩි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබාදී තිබේ.

සැර 5%ට අඩු ආනයනික  බීර සඳහා මෙවර අය වැයෙන් බදු ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇත.

ඒ අනූව බීර වර්ග ආනයනයේදී පැවති බදු විෂමතාව මඟහරවා ගැනීමට සැර අඩු බීර ලීටරයකට පනවා තිබූ බදු මුදල රුපියල් 190 සිට 160 දක්වා පහළ දැමීමට  යෝජනා කෙරිණ.

එහෙත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ එමගින් සැර අඩු බීර වර්ග ප‍්‍රවර්ධනය වන බැවින් ආනයන බදු ඉහළ දමන ලෙසයි.