ඡන්දේ දිනලා අලුත් ව්‍යවස්ථාවක් හදනවා; ඇමති විජයදාස රාජපක්ෂ

Wijeyadasa Rajapakshe

ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මීට සුළු වේලාකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සීයයට සීයයක් පිළිගන්නා බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් නිදහස් තීන්දුවක් ලබාදීම පිළිබදව අමාත්‍යවරයා කරුණු අනාවරණය කළේය.

19වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සාධාරණ අවස්ථාවන් හිමිව ඇති බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා මැතිවරණයේදී ජනවරමක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන බවයි. එහිදී ලැබෙන ජනමතයට එක්සත් ජාතික පක්ෂය හිස නමන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.