ඇති නැති පරතරය නැති කරනවා: ජනපති

President of Sri Lanka Maithripala Sirisena

ජනතාව අතර ඇති-නැති පරතරය තුරන්කර සැමට සාධාරණ සාමාජයක් ගොඩ නගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ තම දූර කාලය තුළ රටේ ජනතාවගේ ජිවන බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බවයි.

හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයේ පැවති “සැමට සෙවණ ප්‍රතිලාභ“ මුල්‍ය ප්‍රතිපාදන හා නිවාස හිමිකම් ප්‍රදානෝත්සවයට  එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

මේ අතර “දිරිය සවිය“ ණය යෝජනා ක්‍රමය යටතේ සමෘද්ධිලාභින් වෙත ප්‍රතිලාභ පිරිනැමීමේ වැඩ සටහනක්ද  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.