ඩිලාන් පෙරේරා දුෂිතයෙක්;දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානයෙන් චෝදනා.

sugeswara bandara

හිටපු විදේශ රැකියා පිළිබද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ ක්‍රියා කාලපය ප්‍රශ්න කරමින්,ඒ තොරතුරු මාධ්‍යට හෙලි කිරිම සදහා දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානය මාධ්‍ය හමුවක් කැදවා තිබුනා.

අමාත්‍යවරයා කල දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් ජනපති,අගමැති සහ වත්මන් විදේශ රැකියා සුබ සාධන ඇමතිවරියට ලිපිගොනුවක් භාර දිමට දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානයේ කැදවුම්කරු සුගීෂ්වර බණ්ඩාර මහතා සැලසුම්කර තිබෙනවා.

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා කි‍්‍රයාත්මක වූ බටහිර කුමන්ත‍්‍රණයට හිටපු විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද සහය දුන් බව දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානය චෝදනා කරනවා. එහි කැඳවුම්කරු සුගීෂ්වර බණ්ඩාර මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අපකීර්තියට පත්කිරීම සඳහා ඩිලාන් පෙරේරා මහතා කටයුතු කළ බවයි. ඩිලාන් පෙරේරා මහතාගේ කුමන්ත‍්‍රණකාරී කි‍්‍රයා රට හමුවේ හෙළිදරව් වී ඇති බවයි සුගීෂ්වර බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියේ.

අමාත්‍ය ධුරයක් භාරගත්ත ද ඩිලාන් පෙරේරා මහතා සම්බන්ධයෙන් වන පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද සුගීෂ්වර බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියා. ඩිලාන් පෙරේරා මහතා විසින් කි‍්‍රයාත්මක කරන ලද රට විරුවෝ ටැලන්ට් ස්ටාර් වැඩසටහන ද වංචා සහගත ක්‍රියාවන්ගෙන් හා මුදල් නාස්තියකින් කෙළවරවු වැඩසටහනක් බවත් එය විදේස්ගත ලාංකිකයන්ගේ ඉල්ලිමක් නොවන බවත් මෙහිදි පෙන්වා දුන්නා.

මේ හිටපු අමතිවරයාට එරෙහිව නිසි පරික්ෂණයක් ක්‍රියාත්මක නොවන්නේ නම් අල්ලස් කොමිසම හමුවට යන බවද දේශපේ‍්‍රමී රට විරුවෝ සංවිධානය  පවසනවා.