ජනපති දිවයිනට.

President of Sri Lanka Maithripala Sirisena

පාකිස්තානයේ දෙදින නිල සංචාරයක් නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී නැවත මව්බිමට පැමිණියා.රාත්‍රී 09.40ට පමණ යු.එල් 184 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ගුවන් තොටුපලට ලගා වු බවයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගිවිසුම් 06කට අත්සන් තැබුණා. ඒ, ආපදා කළමනාකරණ, ක්‍රීඩා, නාවික කටයුතු, සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා න්‍යෂ්ඨික විද්‍යාව සහ මත් ජාවාරමට එරෙහි සහයෝගිතාව වර්ධනය කර ගැනිම සඳහායි. දෙරට අතර ආර්ථික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද සාකච්ඡා කෙරුණා.

ඒ අනුව සීනි, සිමෙන්ති සහ ඖෂධ යන ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කිරීමට පාකිස්තාන ව්‍යවසායකයන් ශ්‍රී ලංකාවට පැමිණිමට එකඟතාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට පාකිස්තානයේ වානිජ අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් ඉදිරි මාස 03 ඇතුලත ශ්‍රී ලංකාවට එවීමට ද එරට ආණ්ඩුව එකඟතාව පළ කර තිබෙනවා.