ෆීල්ඩ් මාර්ෂල්වු සරත් ෆොන්සේකා.

10344812_10152687961726960_5808410183593194511_n

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මහතාගේ ප්‍රධානත්වයෙන් සරත් ෆොන්සේකා මහතා  ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමේ නිල උත්සවය කොළඹදී පැවැත්වුණි.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත්වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

රටක ත්‍රිවිධ හමුදාවේ උසස් ම නිලය ද වන මෙය කිසි දිනෙක විශ්‍රාම නොයන ෆීල්ඩ් මාර්ෂල් තනතුර කැබිනට් අමාත්‍යවරයෙකු හා සමතැන් ගන්නා තනතුරක් වෙයි.

13507_10152687961656960_5838535524483790282_n 11006403_10152687961641960_5289439322178791096_n