දහ නවයට කැමති වෙයි.

65

19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමි වුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල කිහිපයක් සංශෝධනය කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද රාති‍්‍රයේ නිකුත් කිරීමට නියමිතයි.

රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු කියාසිටියේ අති විශේෂ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සදහා අද රාති‍්‍රයේ එය රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බවයි. අදාළ ගැසට් නිවේදනය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

පිටු 62 කින් සමන්විත 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත්දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එහිදී ඉදිරිපත් වූ යෝජනාවලට ඉඩ ලබාදීම සදහා අද දිනයේදී විශේෂ කැබිනට් මණ්ඩල රැුස්වීමක් කැදවීමටයි තීරණය කෙරුණේ.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායක රැුස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. 19 වන සංශෝධනය සහ මැතිවරණ ක‍්‍රමයේ සිදුකළ යුතු සංශෝධන එකවර ගෙන ආ යුතු බවටයි එහිදී තීරණය කෙරුණේ.