බොරු වෙබ් පුවතක් පළකල TNL දිනෙෂ්ගෙන් සමාව ගනී

Dinesh-Gunawardena_6
පාර්ලිමෙන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ව්‍යාජ පුවතක් සකසා පළකිරිම පිළිබදව ටි:එන්:එල් රුපවාහිනිය ඒ මහතා වෙත කණගාටුව පළ කර තිබේ.තොරතුරු විමසිමකින් තොරව වෙබ් අඩවියක පළවු තොරතුරු ගෙන මෙම පුවත් සකසා ඇති බව දිනෙෂ් ගුණවර්ධන මහතා පාර්ලිමෙන්තුවේදි හෙලිකර සිටියේය. ඒ අනුව අදාල කණගාටුව පළකිරිම සිදුව තිබෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා තම ෆේස් බුක් ගිණුමෙන් විඩියෝවක් සහිතව දන්වා සිටි.එහිදි ටි:එන්:එල් රුපවාහිනිය පවසන්නේ තමන් එක්තරා වෙබ් අඩවියකින් මේ පුවත උපුටා ගෙන පළකල බවයි.පහත විඩියෝවේ අදාල ව්‍යාජ පුවත් පළකරන වෙබ් අඩවිය පිළිබදවද ටි:එන්:එල් රුපවාහිනිය හෙළිකර තිබේ.

අදාල ව්‍යාජ පුවත පිළිබදව දිනෙෂ් ගුණවර්ධන මහතා පළකල විඩියෝව නරඹන්න.