විග්නේෂ්වරම් අන්තවාදියකු වෙලා: ඇමති රාජිත

223960524rajitha

රජය දෙමළ ජනතාවට සාධාරණයක්‌ ඉටුකිරීමට කටයුතු කරමින් සිටින විට උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරම් මහතා අන්තවාදියකු ලෙස කටයුතු කිරීම දැඩිව හෙළා දකින්නේ යෑයි රජයේ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (11 වැනිදා) පැවැසීය.සෑම රජයක්‌ විසින්ම දෙමළ ජනයාට එරෙහිව සිදුකෙරුණු ජන ඝාතන සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු යෑයි උතුරු පළාත් මහ ඇමැතිවරයා පළාත් සභාවට යෝජනාවක්‌ ඉදිරිපත් කර සම්මත කර ගැනීම පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා එසේ කීය.

පසුගිය රජය සමයේ සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාව ඉවත් කිරීමට කටයුතු කළ මහා ඇමැතිවරයා වත්මන් රජය බලයට පැමිණ දෙමළ ජනයාට සාධාරණය ඉටුකිරීමට කටයුතු කරමින් සිටින විට නැවත එම යෝජනාව සම්මත කර ගැනීම අන්තවාදී ක්‍රියාවක්‌ ලෙස රජය දකින බවද රාජිත ඇමැතිවරයා කීය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉන්දියාවේ “ද හින්දු” පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ අදාළ යෝජනාව සම්මත කර ගැනීම අන්තවාදී ක්‍රියායවක් ලෙස සැලකිය හැකි බවයි.

යුධමය වාතාවරණයක් පැවති සමයේ ද්‍රවිඩ ජන සංහාරයක් සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවටත්, සඳහන් වන යෝජනාවක් උතුරු පළාත් සභාවට  ඉදිරිපත් කර තිබුණි.

පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබු අතර  එය ඒකමතිකව සම්මත වී ඇත.

කෙසේ වෙතත් මේ පිළිබද අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  ප්‍රකාශ කර ඇත්තේ යුධමය වාතාවරණයක් පැවති සමයේ සිදුවු සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පිළිගත් දේශීය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නව රජය මේ වනවිටත් පොරොන්දු වී ඇති බවයි.

එමෙන්ම උතුරු පළාත් සභාවේ මෙවැනි තීරණ රජය විසින් සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙළට බාධාවක් වන බව ඔහු ප්‍රකාශ කර ඇත.