ආසාද් සාලිගෙන් “මහින්දගේ මිනිස්සුන්ට” අභියෝගයක්.

ashad sali

කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි  සදහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන් කිසිවෙකු කැමති නැති බවත් ඒ නිසා ඔහු අගමැති අපේක්ෂක කිරිමට සමහර පක්ෂ දරන උත්සහය වැලැක්විය යුතු බවයි.

හිටපු ජනාධිපතිට ප්‍රාදේශිය සභාවක්වත් ජය ගත නොහැකි බවත් ලබන 18වනදා හිටපු ජනාධිපති යලි අගමැති අපේක්ෂක කිරිමට බල කිරිම සදහා පවත්වන රැලියට දකුණේ ජනතාව 5000ක් සහභාගි වුනොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවත් අසාද් සාලි මෙහිදි පවසා තිබේ.

ඔහු සදහන් කර සිටියේ බහුතර සිංහල ඡන්දයෙන් සහ සමහර දෙමළ සහ මුස්ලිම් කොටස්වල සහයෙන් ජානාධිපතිවු මහින්ද රාජපක්ෂ මහතාට එම ජනබලය තවමත් තිබෙන බව පෙන්විමට සිංහල බෞද්ධ සංවිධාන සහ දේශපාලන පක්ෂ දරන උත්සහයට තමන් අභියෝගකරන බවයි.

මේ මාධ්‍ය හමුව සදහා මනෝ ගනේෂන්,වික්‍රම බාහු කරුණාරත්න යන දේශපාලන නායකයන් එක්ව සිටියා.