හිටපු ජනපති නව ජනපතිට සභාපති පුටුව දෙයි.

sri-lankan-president-mahinda-rajapaksa1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබෙන බව වාර්තාවේ.

ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව සදහන්.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇති බවද සදහන්.

ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ තමන් තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව අද දිනයේ රැස්වී මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට ද තීරණය වී ඇති බව වාර්තා වේ.