එජාප තිරණාත්මක රැස්විම අද/Decisive UNP Working Committee meeting today

 

united-national-party-unp-sri-lanka-logo

එජාප තිරණාත්මක රැස්විම අද/Decisive UNP Working Committee meeting today

එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්‌ක කර ගනිමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක්‌ සිදු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ගතයුතු කෘත්‍යාධිකාරී මණ්‌ඩල තීරණාත්මක රැස්‌වීමක්‌ අද (23 දා) සවස සිරිකොතදී පැවැත්වේ.

ඒ අනුව පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ද උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතාද පත්කර ගැනීමට නියමිතව ඇත.

මේ අතර පක්‍ෂයේ නායකත්ව මණ්‌ඩලයෙන් මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඉල්ලා අස්‌වීම නිසා ඇතිව තිබෙන නව තත්ත්වය මත නායකත්ව මණ්‌ඩලය තවදුරටත් පවත්වාගෙන යන්නේ දැයි සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ගනු ඇතැයි පැවසේ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂ සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධව ද මෙහිදී පොදු එකඟතාවකට පැමිණීමට නියමිත අතර ඒ පිළිබඳව ද අද කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී සාකච්ඡා කෙරේ.

මීට අමතරව පක්‍ෂයේ පුරප්පාඩුවී පවතින භාණ්‌ඩාගාරික, ජාතික සේවක සංගමයේ සභාපති යන ධුර සඳහා පත් කිරීම් මෙන්ම කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ පවතින පුරප්පාඩු පිරවීමද මෙහිදී තීරණයකට එළඹීමට නියමිතය.

මේ අතර පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී එජාපය ලබාගත් ප්‍රගතිය සම්බන්ධව මෙහිදී වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය. එම මැතිවරණයේදී හරීන් ප්‍රනාන්දු මහතා කළ සේවය සහ ලබාගත් ජයග්‍රහණය සලකා ඔහුටද පක්‍ෂයේ යම් තනතුරක්‌ සඳහා යෝජනා කෙරෙනු ඇති බවටද ආරංචි පළවේ.

පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය සඳහා පවතින පුරප්පාඩු කිහිපයක්‌ පිරවීමද සිදු කෙරෙන අතර පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී සක්‍රීය දායකත්වයක්‌ නොදැක්‌වූ ක්‍රියාකාරීන් සම්බන්ධව ද මෙහිදී සැලකිල්ලට ගනු ඇතැයිද එම පක්‍ෂයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

The decisive meeting of the United National Party Working Committee will take at 4pm today at the party headquarters, Sirikotha, under the patronage of party leader Ranil Wickremesinghe.

General Secretary of the UNP Tissa Attanayake said names for vacant positions, including Deputy Leader will be proposed at the meeting.

He said the party leader is vested with the responsibility of proposing a name for the vacant position of Deputy Leader.

The General Secretary added if multiple names are proposed for a particular position a vote will be called to select a respective candidate.

He said if an appointment is unacceptable it should be made known via a written statement.

MP Attanayake meanwhile tendered in his resignation from the party Leadership Council yesterday.

The working committee is expected to hold a discussion over the resignation of the party secretary as well.