එජාපයේ නව තනතුරු:රනිල්ගෙන් පසු නායකයා කවුද? රවීද? සජිත්ද?UNP:several changes

ravi_sajith

එජාපයේ නව තනතුරු:රනිල්ගෙන් පසු නායකයා කවුද? රවීද? සජිත්ද? UNP:several changes

සිරිකොතදී ඊයේ (23 දා) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නව නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඒකමතිකව පත් කොට ඇත. උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත්ව තිබේ.

එසේම එ.ජා.ප. නව භාණ්ඩාගාර තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, නව නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් තේරී පත්වී ඇත.

එසේම මැතිවරණ කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මහත්මියත්, පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් පත්කිරීමට තීරණය වී තිබේ.
ඊයේ සිරිකොතේ පැවති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මෙම තනතුරු හය සඳහා නම් යෝජනා කොට ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම වීම විශේෂත්වයකි. මෙම පත්කිරීම් සියල්ල කිසිදු විරෝධතාවක්‌ නොමැතිවම ඒකමතිකව සම්මත වී තිබේ.මෙහිදී පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පහසු කිරීම පිණිස උපනායක තනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා ඉල්ලා අස්‌වී තිබේ.

තවද යොවුන් පෙරමුණේ සභාපතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතාද තේරී පත්වී ඇති බව සඳහන් වෙයි.

එහෙත් එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා වු හරීන් ප‍්‍රනාන්දු මහතාට ජාතික යොවුන් පෙරමුණේ නායකත්වය ලබා දීමට එජාපය සූදානම් වුවද හරීන් ප්‍රනාන්දු මහතා එය භාරගෙන නැත. “ජාතික යොවුන් පෙරමුණේ රුවන් විජේවර්ධන කියන්නේ මගේ හොදම මිත‍්‍රයා… මම දන්න අවංකම දේශපාලඥයෙක්.. එතුමට ලොකු උවමනාවක් තිබුණා මට තනතුරක් ලබා දෙන්න  ඕනි කියන එක…  එතුමා අයින් වුණා.. එතුමා අයින් උනොත් එතුමාට නායකත්ව මණ්ඩලයේ එතුමාට තියන තනතුරු අහිමි වෙනවා… ඒක නිසා මම විශ්වාස කරනවා එතුමා නායකත්ව මණ්ඩලයේ ඉන්න  ඕනී…
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා එතුමාටඅයේ ඒක භාර දුන්නා.. තව තනතුරු ගොඩක් දෙන්න කතා කරනවා , මම ඒ වෙලාවේ කිවුවාමට සතියක් දෙකක් කල් දෙන්න, දීලා තියන තනතුරු වලින් එකක් ලබා ගන්නබලාපොරොත්තු වෙනවා කියලා මම කිවුවා…   “යැයි හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කොට තිබේ.

Sajith Premadasa has been appointed as the Deputy Leader of the United National Party (UNP). Ravi Karunnayake has been named as Assistant Leader while Eran Wikramaratne and Akila Viraj Kariyawasam have been appointed as Treasurer and Deputy General Secretary respectively.

Meanwhile Ranjith Madduma Bandara has been appointed as Senior Deputy Chairman, Thalatha Athukorale as Secretary of Election Affairs and Harin Fernanado as Chairman of the National Youth Front.

Speaking to media following the working committee meeting held last evening Premadasa said he is pleased with the responsibility vested with him in the capacity of Deputy Leader.

He referred to a statement made by him several years ago where he stated he will support the Opposition Leader if he stands for a Presidential Election.

Assistant Leader Ravi Karunanayake said the party will unite to ensure victory for the party.

He said the members of the party will not look for personal political gain but will instead work towards victory at the next election.

Treasurer Eran Wickramaratne said the UNP will come into power next year and will make all necessary alterations to ensure change.

He said the party’s aim is to establish a government.

Former parliamentarian Harin Fernando meanwhile, who was proposed for the position of chairman of the National Youth Front by its former leader Ruwan Wijewardene, said if Wijewardene steps down he will also lose his seat at the Leadership Council adding he believes Wijewardene should continue to be part of the Council.

Fernando said he is being offered several posts but added his prime focus at present is the people in the Uva province who placed their faith in him.

He said he has asked for some time to decide on his future course of action after prioritising the people in Uva.