මණ්ඩලේ කචල් නිසා තිස්ස යයි /Tissa resigns from UNP leadership council

Tissa.Attanayake1

මණ්ඩලේ කචල් නිසා තිස්ස යයි /Tissa resigns from UNP leadership council

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් තමන් ඉල්ලා අස්වන බව එහි මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා.

වැඩි දුරටත් ඔහු සදහන් කොට තිබෙන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ සහ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් වෙත අද යොමු කළ බවයි.

තමන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති අභ්‍යන්තර ආරවුල් බවද තිස්ස අත්තනායක මහතා සදහන් කොට තිබෙනවා. කෙසේ වෙතත් මහලේකම් ධුරයේ තමන් තවදුරටත් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කොට තිබෙන්නේ.

UNP General Secretary Parliamentarian Tissa Attanayake has stepped down from the UNP leadership council.