Author: Pushpakumara Samarawickrema

  • අපනයනය සඳහා කංසා වගාවට අවසර

    අපනයනය සඳහා කංසා වගාවට අවසර

    ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය. මේ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඩයනා ගමගේ අහත්මිය ප්‍රකාශ කළාය.

  • අනුර – ජයිශංකර් විශේෂ හමුවක

    අනුර – ජයිශංකර් විශේෂ හමුවක

    ඉන්දියාවේ සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පවත්වා තිබේ. ජයිශංකර් මහතා සිය X ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ, ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවය.

  • ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු පුහුණුකරුවෙක්

    ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු පුහුණුකරුවෙක්

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව දඟ පන්දු පුහුණුකරුවෙක් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන Craig Howard මෙලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

  • ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට

    ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට

    ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා. දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගියේය.

  • යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 667ක් අත්අඩංගුවට

    යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 667ක් අත්අඩංගුවට

    යුක්තිය මෙහෙයුම යටතේ තවත් සැකකරුවන්  667 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ, ඉකුත් පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම් යටතේයි. එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් සංඛ්‍යාව 559ක්. එමෙන්ම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ…

  • කංසා වගාව සඳහා ආයෝජකයින් කැඳවීමට සැරසේ

    කංසා වගාව සඳහා ආයෝජකයින් කැඳවීමට සැරසේ

    ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අපනයනය සඳහා පමණක් කංසා වගාව නීතිගත කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් ‍මෙරටට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේය. “මේ වනවිට 1971 ආයුර්වේද පනත සංශෝධනය කරලා, ඖෂධීය…

  • අනුර කුමාර ඇතුළු පිරිසක් ඉන්දිය සංචාරයක

    අනුර කුමාර ඇතුළු පිරිසක් ඉන්දිය සංචාරයක

    ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව්දෙනෙකු ඉන්දීය සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ තවත් දෙදෙනෙකු ද අද (05) අලුයම එසේ පිටත්ව ගොස් තිබෙනවා.

  • ප්‍රදේශ කිහිපයකට වැසි

    ප්‍රදේශ කිහිපයකට වැසි

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි එමෙන්ම අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද නිවේදනය සඳහන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

  • රිමාන්ඩ් කළ ඇමැති කෙහෙළිය බන්ධානාගාර රෝහලට

    රිමාන්ඩ් කළ ඇමැති කෙහෙළිය බන්ධානාගාර රෝහලට

    රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

  • දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 212 ක් ඉදිරියෙන්

    දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 212 ක් ඉදිරියෙන්

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් රැස් කරගෙන සිටී. අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් සිය 16වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් 15වෙනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 107 ඇන්ජලෝ මැතිව්ස් ලකුණු…