Author: Pushpakumara Samarawickrema

  • විදෙස් ගමන් බලපත්‍ර තොගය දින 30 කින් අවසන් වන ලකුණු

    විදෙස් ගමන් බලපත්‍ර තොගය දින 30 කින් අවසන් වන ලකුණු

    සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේද එකඟත්වය ඇතිව වෙනස් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. ඒ අනුව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට වග උත්තරකරුවන්ට අවසර හිමිවන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ වුණා. කෙසේවෙතත් ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට…

  • DIVA දෑතට දිරියක්’ කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන

    DIVA දෑතට දිරියක්’ කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන

    ‘දිවා දෑතට දිරියක්’ කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයිනේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Hemas Consumer Brands හි Diva සන්නාමය සහ කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) අතර ඇති වූ සාර්ථක සහයෝගීතාවයකි. මෙම වැඩසටහන මේ වන විට පළාත් 5 ක අති සාර්ථකව පවත්වා ඇති අතර කාන්තා ව්‍යවසායකයින් 275…

  • බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

    බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

    පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය දැරූ බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, සිය පිතිකරණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටත් වැඩ ප්‍රමාණය කළමනාකරණය සඳහාත් ඔහු එම තීරණය ගන්නා බවයි. එහි ඔහු සඳහන් කර ඇත්තේ, සිය තීරණය පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට පසුගිය මස දැනුම්දුන් බවය.

  • රට ගොඩනැගීමට දායකවීමට සුදානම් – සජිත් ප්‍රේමදාස

    රට ගොඩනැගීමට දායකවීමට සුදානම් – සජිත් ප්‍රේමදාස

    වර්තමානයේ ඇති එකම විකල්පය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා සමගි ජන බලවේයට ද කාර්යක් ඇති බවය ඔහු පවසනවා. ඔහු මේ බව පැවසුවේ මහරගම ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකට එක්වෙමිනුයි. “එක එක පැතිවලට ඡන්දය දුන්න බොහෝ අය දැන් අනාථ වෙලා හමාරයි.…

  • IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට පැමිණේ

    IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට පැමිණේ

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව දිවයිනට පැමිණෙන මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම ඔක්තෝබර් 04 වෙනිදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය. ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ ආර්ථික විශේෂඥයින් හමුවීමට නියමිතව තිබේ. එහිදී ඔවුන් මෙරට නව ආර්ථික…

  • ප්‍රදේශ කිහිපයකට අදත් හවසට තද වැසි

    ප්‍රදේශ කිහිපයකට අදත් හවසට තද වැසි

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවය. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

  • ජනපති හා මහ බැංකු අධිපති අතර සාකච්ජාවක්

    ජනපති හා මහ බැංකු අධිපති අතර සාකච්ජාවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද එක්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

  • ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් බිඳ වැටේ

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් බිඳ වැටේ

    ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල වන මෙටා සමාගමට අයත් Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වනවා. එය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇති අතර නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නැත.

  • විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ආනයනය ගැන අලුත් තීරණයක්

    විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ආනයනය ගැන අලුත් තීරණයක්

    වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.ඒ අනුව විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීමට විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු…

  • ලොව ධනවත්ම පුද්ගලයා වෙනස් වේ

    ලොව ධනවත්ම පුද්ගලයා වෙනස් වේ

    ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව තිබෙනවා. මේ දක්වා ලොව ධනවත්ම පුද්ගලයා වූ ඊලෝන් මස්ක් ඒ අනුව දෙවන ස්ථානයට පත් ව තිබෙනවා. මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් වන අතර ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බව වාර්තා වනවා.