නාමල් CID එකේ. (ජායාරුප සහ විඩියෝ සහිතයි )

 

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ  අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

11406881_1640115806224301_245873765233642535_n

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9ට පැමිණෙන ලෙසට ඔහුට කළ දැනුම්දීමකට අනූව මන්ත්‍රීවරයා පැමිණ ඇත.

10421493_1640115816224300_1917056293401398273_n
පසුගියදා අඟුණකොළපැලැස්සේ පැවැති රැස්වීමකට නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු බව පැවසෙන අයෙකු ගිනි අවියක් ඇතැතිව ඇතුළුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇතැයි සඳහන්ය.
11069695_1640115849557630_5598376460343236580_n
කෙසේ වුවද එම සිද්ධියේදී අදාළ ආරක්ෂක නිලධාරියා අත තිබුණේ ගිනි අවියක් නොව වතුර බෝතලයක් යැයි මන්ත්‍රීවරයා පවසා තිබූ බවද මාධ්‍ය වාර්තා කළ අතරම පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සිටියේ එය වතුර බෝතලයක් නොව ගිනි අවියක් බවයි.