අගමැති යෝජනාවට කැබිනට් අනුමැතිය.

Ranil-Wickremesinghe

නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී කැබිනට් මණ්ඩලය රැස්විය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255ක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නව කෙටුම්පත එහිදී  ප්‍රතික්ෂේප වී තිබේ.

කෙසේ වුවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව මැතිවරණ ක්‍රමයකට අදාළව ගෙන එන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් වැඩබලන විදේශ ඇමති අජිත් පී පෙරේරා මහතා සදහන් කර තිබේ.

නව යෝජනාව කෙටුම්පත් කිරීමට දින 4ක් පමණ ගත වනු ඇති බවත්, අනතුරුව යළි එය කැබිනට් මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිත බවත්, හෙතෙම කියා සිටියේය.

අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එකී යෝජනාවට අනූව පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජනය වන මන්ත්‍රීන් 225 සංඛ්‍යාව තෝරා ගැනීමේදී මැතිවරණ කොට්ඨාස මට්ටමින් 125ක්ද, සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ 75ක්ද, ජාතික ලැයිස්තුවෙන්  මන්ත්‍රීන් 25ක්ද තෝරාගැනීමට යෝජනා වූ බව අජිත් ‍පී. පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.